Cricket NewsEXCLUSIVEInternationalMatch Review

Sikandar Razaගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කඩුලු 5ක ජයක් වාර්තා කල සිම්බාබ්වේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගනී.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ සංචාරයේ විස්සයි-20 තරඟාවලිය පසුගිය දා නිමාව දුටුවේ 2-1ක් ලෙස තරඟාවලි ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි කර දෙමිනි. එමෙන්ම දෙරට අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විට පැවැත්වෙන අතර විස්සයි-20 තරඟාවලියේ ජයග්‍රහණ පිපාසය එක්දින තරඟාවලියටත් රැගෙන ආ සිම්බාබ්වේ කණ්ඩායම අද පැවති දෙවන එක්දින තරඟයත් ජයග්‍රහණය කරමින් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

අද පැවති දෙවන තරඟයෙනුත් බංගලාදේශයට කඩුලු 5ක අවමන් සහගත පරාජයක් උරුම කරමින් ඒ අනුව සිම්බාබ්වේ තරඟාවලිය 2-0ක් ලෙස පෙජයග්‍රහණය කළා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව බංගලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 290ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

බංගලාදේශ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Mahmudullah ලකුණු 90ක් වාර්තා කිරීමට සමත් වු අතර ඊට අනගි සහයක් දුන් නායක ලකුණු 50ක් රැස් කලා. Afif Hossain ලකුණු 41යි.

පන්දු යැවීමේදී Sikandar Raza කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුවා.

ඒ අනුව ලකුණු 291ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 47.3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 291ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Sikandar Raza ලකුණු 117ක් රැස් කරමින් සිම්බාබ්වේ ඉනිමේ ගැලවුම් කරුවා වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා.ඔහුට අනගි සහයක් දුන් නායක Regis Chakabva පන්දු 75ක් තුල වේගවත් ලකුණු 102ක් රැස් කල අතර Tony Munyonga වේගවත් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී Hasan Mahmud සහ Mehidy Hasan කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සම්මනය හිමිවුයේ සිම්බාබ්වේ කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගිය Sikandar Raza හටයි. ඒ අනුව එක්දින තරඟාවලිය 2-0ක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button