“ඔවුන් ලෝක ශුරයන්, අපි ඒ ගරුත්වය ඔවුන්ට දෙනවා, නමුත් හොඳ සටනක් දීලා අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා” – දසුන් ශානක
ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය ආරම්භ කිරීමට තවත් ඉතිරිව ඇත්තේ දින 3 ක් පමණි.
වර්තමාන විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව ආරම්භ වන තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින දසුන් ශානක පවසා සිටින්නේ ලෝක ශූරයින් වීමේ ගරුත්වයක් ඔස්ට්‍රේලියානු පිලට තිබෙන නමුත්, දක්ෂතාවයෙන් උපරිමයට ළඟා වූ ක්‍රීඩකයින් රැසක් තම කණ්ඩායම සතු වන බැවින් ඔවුන්ව පරාජයට පත් කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු බවයි.
“ඇත්තටම ජාත්‍යන්තර තරගයක් කියන්නේ අභියෝගයක්. නමුත් අපිට හැකියාවක් තියෙනවා ඔවුන්ව පරාජයට පත් කරන්න” යැයි සඳහන් කරන ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා, “ඔවුන් ලෝක ශූරයින්. ඒකෙ ගරුත්වය අපි ඔවුන්ට ලබා දෙනවා. නමුත් අපිත් එක්කත් හැකියාව උපරිම මට්ටමට ළඟා වෙච්ච ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට එරෙහිව හොඳ තරගාලියක් ලබාදීලා තරග ජයග්‍රහණය කරන්න” යනුවෙනි.
දෙරට අතර තරගාරම්භයට පෙර තාක්ෂණික සහාය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.
මෙම අදහස් දැක්වීමේදී කඩුලු රැකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල් විසින් සිදුකිරීමට නියමිත බවද ශ්‍රී ලංකා නායකයා කරුණු හෙළිකර සිටියේය. කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය පිළිබඳව සිදුකරන ලද විමසීමේදී ඒ බව දසුන් සඳහන් කර සිටියේය.
“අපිට කඩුලු රකින්නන් තුන්දෙනෙක් කන්ඩායම තුළ ඉන්නවා. කුසල් මෙන්ඩිස්ට අමතරව දිනේෂ් චන්දිමාල් සහ කමිල් මිශාර. කොවිඩ් නිසා කුසල්ට පළමු තරගයට ක්‍රීඩා කරයිද කියන එක 100% ක් විශ්වාස කරන්න බෑ. එතැනදි මම හිතනවා ගොඩක් දුරට කඩුලු රැකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල් විසින් සිදුකරයි කියලා” යැයි දසුන් සඳහන් කර සිටියි.
මෙහිදී කොවිඩ් ආසාධනය වී සුවය ලබා සිටින චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර මේ වන විටත් කණ්ඩායම සමඟ එකතුව සිටින අතර නීරෝධායන කාල සීමාව වූ දින 3 ක කාලය අවසන් වූ වහාම ඔවුන් සිය පුහුණුවීම්වල නිරත වීමට නියමිතය.
ඒ අතරතුර කාලයේදී ඔවුන් තරගයකට ක්‍රීඩි කිරීම සඳහා සූදානම්ද යන්න පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීමට ක්‍රිකට් කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් පසුවෙයි.
මේ අතර ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ වන බැවින්, මෙහි තණතීරු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම තරගාවලිය වැදගත් කාර්යය භාරයක් ඉටු කරනු ලබන බවද දසුන්ගේ අදහස වී තිබේ.
“පිතිකරුවන්ට විදියට හොඳින් ලකුණු අතරට ඇවිල්ලා විශ්වාසයක් ගොඩ නඟාගෙන මේ තරගාවලිය ඉතාමත් වැදගත්. පන්දු යවන්නන්ටත් එසේමයි. මොකද ඔවුන් මේ තරගාවලියේදී අධ්‍යයනයකට එනවා පන්දු යවන්න ඕන සීමාවන් මොනවද, ඒ අවස්ථාවන්වලදී මොනවද කරන්න ඕන කියන දේවල් ගැන. ඉතිං ඒ වගේ දෙයකින් මේ තරගාවලියේදී හොඳ අවබෝධයක් ලබා ගගන්න පුලුවන්. එය මම දකින්නො ධනාත්මක දෙයක් විදියට” යැයි දසුන් සඳහන් කර සිටියා.