Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන NPL තරඟාවලියේ දී කැන්ඩි නායක කමිඳුගෙන් සටන්කාමී ශතකයක් – දුනිත් වෙල්ලාලගේත් දස්කම් දක්වයි.!

පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ නුවර – යාපන තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ නුවර කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කර ගනිමිනි.

සෙනසුරාදා (5) තරගය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නුවර කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබාසිටි අතර ඔවුන් අද (6) තවත් ලකුණු 298ක් රැස්කළේ පිතිකරුවන් පස්දෙනෙකු පමණම දැවීයාමෙනි.

නුවර දෙවන ඉනිම සඳහා කඩුලු පහකට ලකුණු 322ක් ලබා සිටියදී සවස 5ට තම ඉනිම නතර කිරීමත් සමඟ තරගයද නිමාවිණි.

නුවර දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙද්දී ලකුණු 59කට කඩුලු තුනක් දැවීසිටියදී නායක කමිඳු මෙන්ඩිස් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිව්වන කඩුල්ලට ළහිරු උදාර සමඟ පන්දු 167කදී ලකුණු 110ක්ද පස්වන කඩුල්ලට සහන් ආරච්චිගේ සමඟ ලකුණු 153ක්ද (පන්දු 264) රැස්කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කළහ.

දිනයේ කැපීපෙනුණු ක්‍රීඩකයා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 137ක් රැස්කළේ පන්දු234කට මුහුණදී හතරේ පහර දහයක් සහ හයේ පහර දෙකක්ද සමඟිනි.

මෙදින ලකුණු අතර සිටි අනෙකුත් පිතිකරුවන් වූ ළහිරු උදාර පන්දු 89කදී හතරේ අටක් සමඟ ලකුණු 65ක්ද සහන් ආරච්චිගේ පන්දු 135කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 65ක්ද ලැබූහ.

දුනිත් වෙල්ලාලගේ මෙදින දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 66කට කඩුලු තුනක් දවාලමිනි.

නුවර මුල් ඉනිම 503/9යි 135.2යි – (සහන් ආරච්චිගේ 162යි, කසුන් විදුර 67,ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, අෂේන් ඩැනියල් 38, කමිල් මිෂාර 35,අවිඳු තීක්ෂණ නොදැවී 28, නිපුන් මාලිංග 68/3, කසුන් මධුෂ්ක 78/2,සංතූෂ් ගුණතිලක 55/2)

තරඟයේ කෙටි ලකුණු සටහන

නුවර මුල් ඉනිම 503/9යි (135.2යි) – (සහන් ආරච්චිගේ 162යි, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, අෂේන් ඩැනියෙල් 38, කමිල් මිෂාර 35, අවිඳු තීක්ෂණ නොදැවී 28, නිපුන් මාලිංග 68/3, කසුන් මධුෂ්ක 78/2, සංතූෂ් ගුණතිලක 55/2)

යාපන මුල් ඉනිම 318යි පන්දුවාර 92.4 – (ජනිත් ලියනගේ 85, සමිඳ ප්‍රනාන්දු 73, නිශාන් මධුෂ්ක 56, ගීත් කුමාර 58, අවිඳු තීක්ෂණ 135/5යි, අසිත ප්‍රනාන්දු 43/2යි)

නුවර දෙවන ඉනිම කඩුලු 5ට 322 පන්දුවාර 88 – (කමිඳු මෙන්ඩිස් 137, ළහිරු උදාර 65, සහන් ආරච්චිගේ නොදැවී 65, ලසිත් කෲස්පුල්ලේ 31, දුනිත් වෙල්ලාලගේ 66/3)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button