EXCLUSIVESocial Reaction

“මේ ක්‍රවුඩ් එක නම් විශිෂ්ඨයි, ඔවුන්ගේ පෙනුමත් ඉතාමත් බුද්ධිමත්, මෙතරම් යහපත් උසස් ජීවන මට්ටමකින් යුත් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වූයේ කෙසේද? ” – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් රසිකයකු නැගූ ප්‍රශ්නය.!

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගවුරවන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී අවසන් පන්දුවාර 3ට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 59ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිටියේ සිටි නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න සාර්ථකව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර විශිෂ්ට පිතිහරඹයක් දියත් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25ක් තුල ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනූව ලෝක ශුරයන්ට එරෙහිව 2-1ක් ලෙස තරඟාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පෙර තරඟ ද්විත්වයම ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලියේ ජයග්‍රහයකයන් ලෙස කිරුළු පැළදුවා.

මෙම වාර්තාගත ජයග්‍රහණය ජාත්‍යන්තර ලොව පුරා ක්‍රිකට් වෙබ් අඩවි පවා ඉතා ඉහලින් වාර්තා කිරීමට කටයුතු කර තිබු අතර ක්‍රිකට් රසිකයන්ගේන් පිරී ගිය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ජායාරූප පළ කිරීමටද ඔවුන් අමතක කර තිබුනෙ නැහැ. එහිදී එම ජායාරූපයකට පිළිතුරු වශයෙන් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් රසිකයෙකු අපූරු පිළිතුරක් (Comment) පළකර තිබුණා.

මම අසා තියෙනව ශ්‍රී ලංකාව කියන්නෙ දකුණු ආසියාවෙ සාක්ෂරතාව වැඩිම රට කියලා. සහ එහි ජීවත් වන මිනිසුන් බුද්ධිමත් ජීවිතයක් ගතකරනවා. මෙම ක්‍රවුඩ් එක එය තව තවත් ඔප්පු කරනවා. Wow මේ ක්‍රවුඩ් එක නම් විශිෂ්ඨයි. හරියට යුරෝපයේ පාපන්දු ක්‍රවුඩ් එකක් වගේ. ඔවුන්ගේ පෙනුමද ඉතාමත් බුද්ධිමත් පාටයි

මෙතරම් යහපත් සමාජයක් සිටින උසස් ජීවන මට්ටමකින් යුත් ශ්‍රී ලංකාව හදිසියේ ආර්ථික වශයෙන් බංකොලොත් වූයේ කෙසේද? ”

ඇෆ්ගනිස්ථාන රසිකයා තැබූ එම Commentටුව පහතින්

විශේෂ ස්තූතිය : ක්‍රිකට් දේශය Facebook පිටුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7