Cricket NewsEXCLUSIVE

“ලෝකයේ සිටින ක්‍රිඩකයන් අතුරින් ශ්‍රී ලාංකීය ක්‍රිඩකයන් කිසිදාක විශ්වාස කළ නොහැකි භයානයක ක්‍රීඩකයන් බව මා ඉතිහාසයේ සිටම දන්නා කරුණක්” – විස්තර විචාරක Aamir Sohail

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගවුරවන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී අවසන් පන්දුවාර 3ට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 59ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිටියේ සිටි නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න සාර්ථකව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර විශිෂ්ට පිතිහරඹයක් දියත් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25ක් තුල ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනූව ලෝක ශුරයන්ට එරෙහිව 2-1ක් ලෙස තරඟාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර පෙර තරඟ ද්විත්වයම ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලියේ ජයග්‍රහයකයන් ලෙස කිරුළු පැළදුවා.

ඉතිහාසගත වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් සමග එම අවස්ථාවේ විස්තර විචාරයේ නියැලී සිටී අමීර් සොහිල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අපූරු ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා, එහිදී ඔහු සඳහන් කර සිටියේ “ලෝකයේ සිටින ක්‍රිඩකයන් අතුරින් ශ්‍රී ලාකීය ක්‍රිඩකයන් කිසිදාක විශ්වාස කළ නොහැකි භයානයක ක්‍රීඩකයන් බව මා ඉතිහාසයේ සිටම දන්නා කරුණක් බවයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7