Cricket NewsEXCLUSIVE

මෙන්ඩිස් සියලුම ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරයි.!

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට නිළ වශයෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2010 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය පරිජ්ජේදයන් රැසක ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අවශ්‍යම අවස්ථාවන් වලදී තුන් ඉරියව්වෙන්ම දායකත්වය දැක් වීමට සමුත් වුනා.

අවසන් වරට ජීවන් මෙන්ඩිස් ක්‍රිඩා කරන ලද ලෝක කුසලාන තරඟාවලිය 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියයි.

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ලකුණු 843ක් සහ කඩුළු 40ක එකතුවක් සහ ෆැන්චයිස් ක්‍රිකට් තරඟාවලි වල අත්දැකීම් රැසක් සහිතව අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනු ලැබුවා.

මෙම සමු ගැනීමෙන් අනතුරුව ජීවන් මෙන්ඩිස් සිය පවුලේ පිරිස සමග ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් පසුවන බවද ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

සමු ගන්නා අවස්ථාව වන විට ජීවන් මෙන්ඩිස්ගේ ක්‍රිකට් දත්තයන් පහතින්,

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7