Cricket NewsEXCLUSIVE

“කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් ක්‍රිඩා කරන්න හොඳම කාලය තමයි මේක” – සමිත් පටෙල්

කුසල් මෙන්ඩිස් හට නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම ඊයේ අවසන් වූ LPL 2021 තරඟාවලියේ අනුශුරයන් වූ Galle Gladiators කණ්ඩායමේ සාමාජික සමිත් පටෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මෙවර LPL තරඟාවලියේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සමිත් පටෙල් කඩුලු 16ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වීමට සමත් වුනා.

සමිත් පටෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කල ඇති ඉල්ලීම වන්නේ කුසල් මෙන්ඩිස් ව නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් කර ගන්නා ලෙසයි.

කෙසේ නමුත් එංගලන්තයේදී ජෛව බුබුලේ නිතිය කඩ කිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක් වී සිටින ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයෙකු වන කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන්නේ 2022 වසරේ ජුනි මාසයේදී ය.

මෙවර LPL තරඟාවලියේ ලකුණු 327ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් “තරඟාවලියේ වීරයා විය යුතු බවද” සමිත් පටෙල් මෙම සටහන මගින් පෙන්වා දී තිබුනා.

කෙසේ නමුත් මෙවර තරඟාවලියේ තීරණාත්මක PLAY OFF තරඟ වලදී දැක්වූ ජයග්‍රාහී දායකත්වය වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු හට තරගාවලියේ වීරයා සම්මානය පිරිනමනු ලැබුවා.

“ක්‍රිකට් ක්‍රීඩාව කවදාවත් තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. මගේ මතය අනුව තරගාවලියේ වීරයා විය යුත්තේ කුසල් මෙන්ඩිස්. මම හිතන්නේ ඔහුගේ රට වෙනුවෙන් ඔහුට නැවත ක්‍රීඩා කිරීමට ලබාදිය යුතු කාලයයි මේ.”

සමිත් පටෙල් තැබූ එම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button