BPLCricket NewsEXCLUSIVEPremier League

පැතුම් නිස්සංක සිය පළමු විදෙස් ක්‍රිකට් ලීගය සමඟින් ගිවිසුම් ගතවෙයි !

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය කුළුඳුල් විදෙස් විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වෙනුවෙන් Rangpur Riders කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවී තිබෙනවා.ඒ බව Rangpur riders කණ්ඩායම අද නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි.

මෙවර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් එක්ව සිටින අතර ඒ අතරට තිසර පෙරේරා,කමිඳු මෙන්ඩිස්,දනංජය ද සිල්වාද ඇතුලත් වනවා.

අවසන් වසර කිහිපය තුලදී නිස්සංක විස්සයි විස්ස පිටියේ සාර්ථක කාල සමයක් ගත කිරීම මෙලෙස ඔහුට 2023 වසර සඳහා වන BPL තරඟාවලියේ දොරටු විවර කරනු ලැබුවා.කෙසේ නමුත් නිස්සංක මෙලෙසින් Rangpur Riders සමඟින් එක්ද තිබෙන බව මීට මාසයකට පමණ ඉහතදී ප්‍රකාශයට පත් කර තිබුණු අතර අද ඒ බව නිලවශයෙන් Rangpur Riders කලමණාකාරීත්වය තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7