Cricket NewsEXCLUSIVEIPL

“මෙවර IPL තරඟාවලිය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නැවත ආගමනය සිදුවූ තරඟාවලියයි” – ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදී ජෝන්ස් බිනී කියයි.!

“මෙවර IPL තරඟාවලිය,ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නැවත ආගමනය සිදුවූ තරඟාවලියයි” යනුවෙන් ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍ය වේදී ජෝන්ස් බිනී අපුරු ට්විටර් සටහනක් තබා තිබෙනවා.

ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ජෝන්ස් බිනීගේ ට්විටර් සටහන අතිශය පුළුල් පරාසයකට දනවන සුළු එක් කරුණක් සිහිකරවන බව නොරසකි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය පසුගියදා ඇරඹෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අයිපීඑල් වරම් හිමිකර දෙමිනි.

එම ගොන්නට අලුතින්ම එක්වූ නාමය බවට 19 හැවිරිදි මතීෂ පතිරණගේ නමද එක්වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් IPL වරම් දිනාගැනීමත් සමඟය.

මෙවර සමස්ත තරඟාවලියේ පළමු වටයේ අවසන් භාගය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කැපී පෙනෙන දස්කම් අතර රැඳී සිටීම විශේෂත්වයකි.

වනිඳු හසරංග මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා ය. භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නොම්බර තුන පිතිකරුවා වී හමාරය. ලක්නව් පිල වෙනුවෙන් නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කරන්නට වගකීම පැවරෙන්නේ දුශ්මන්ත චමීරටය. මහීෂ් තීක්ෂණ මහේන්ද්‍ර සිං දෝණි සතු ප්‍රධානතම දඟපන්දු යවන්නා බවට පත්වෙමින් මෙවර තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා හිනිපෙත්තටම ගෙන යන තරඟාවලියක් විය.

ඒ අතරට මතීශ පතිරණද සිය නාමය එක් කරන්නටසමත් වූයේ ඇඩම් මිල්න්ගේ ආදේශනය වෙමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමිනි.

ජෝන්ස් බිනී තම නිල ට්විටර් ගිණුමේ මීට දින කිහිපයට ඉහතදී තැබූ සටහනක සඳහන් වූයේ “මෙවර IPL තරඟාවලිය,ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නැවත ආගමනය සිදුවූ තරඟාවලියයි” යනුවෙනි .

මෙවර තරඟාවලිය පුරාවට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එක් කරුණක් සනාථ කලේය. ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ඕනෑම තලයක දස්කම් පෑහැකි විශිෂ්ඨ විස්සයි-20 ක්‍රීඩකයින් නිර්මාණය කිරීම යලිත් ආරම්භ කල බව ඔවුන් පෙන්වීය.

එලඹෙන ලෝක කුසලානයට මොවුන් දල්වන රතු එලිය මින් කිසිදිනයක නොදැල්වුණු තරම් ප්‍රභලය. මන්ද ලෝක තීරණාත්මක කුසලාන තරඟාවලියක් කරා පැමිණෙන ඔවුන් හොඳ රිද්මයක සිටිනා බැවිනි.

බොහෝ විට ඔවුන් සාර්ථක ගමනාන්තයක් කරා රැගෙන යන්නට IPL තරඟාවලිය ඔස්සේ පන්නරය ලබා ගනීවි.

ජෝන්ස් බිනී තැබූ ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button