Cricket NewsEXCLUSIVEInternational

“ලොව ධනවත්ම ක්‍රිකට් බෝර්ඩ් වලින් සිව්වැනි තැන ඉන්නෙ බංගලාදේශයේ අපි, ගොඩක් අය අපි ගැන හිතන් හිටියේ වැරදියට” – බංගලාදේශ විචාරක ආතර් අලි ඛාන් තරඟය අතරතුර කියයි.!

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය පසුගිය 15 චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී ආරම්භ වු අතර අද තරඟයේ තෙවන දිනයයි.

අද දිනය ආරම්බයේදී පන්දුවට පහර දෙමින් සිටි බංගලාදේශ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 76ක් ලබා සිටියා.

අද තරඟයේ දී බංගලාදේශ කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 58ක් ලබා සිටි Mahmudul Hasan Joyගේ කඩුල්ල දවා ගැනීමට Asitha Fernando සමත් වූ අතර දෙවන කඩුල්ල ලෙස Najmul Hossain Shantoව එක් ලකුණකට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා.

කෙසේ නමුත් මේ වන විට Tamim Iqbal ශතකයක් වාර්තා කරමින් පිතිකරණයේ යෙදෙන අතර බංගලාදේශ ඉනිම ද මේ වන විට 184/2 ලෙස ප්‍රභල තැනක පසු වනවා.

මේ අතර විස්තර විචාරයේ දී සිටින ආතර් අලි ඛාන් අද දිනයේ තරඟය අතරතුර ශ්‍රී ලංකාවට පරස්පර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම ප්‍රකාශය පහතින්,

“ලොව ධනවත්ම ක්‍රිකට් බෝර්ඩ් වලින් සිව්වැනි තැන ඉන්නෙ බංගලාදේශයේ අපි. අපේ පළමු පෙළ Domestic විස්සයි-20 league ඔක්කොම හොඳම මට්ටමක තියෙනවා. ලෝකෙ හොඳම කෝව්ල අපි ගත්තා. මේ තරඟයෙන් ඔබට බොහොම පහසුවෙන් තීරණය කරන්න පුළුවන්, කවුද ඉදිරියෙන් ඉන්නෙ කියල. ඉතිං කවුරු හරි හිතනවනම් බංගලාදේශය කියන්නෙ 2005 – 2009 අතර තිබ්බ රටමයි කියලා,ඔවුන්ට වැරදුන තැන එතනයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button