Cricket NewsEXCLUSIVE

තිසර හා සීක්කු සුපිරි දස්කම් පාමින් කුහ්ලානා ටයිගර්ස් ජයග්‍රහණයට කැටුව යයි.!

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නවවැනි තරඟය ඊයේ සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඒ චිතගෝන් චැලෙන්ජර්ස් හා කුල්නා ටයිගර්ස් කණ්ඩායම් අතරය.තරඟයේ කාසියේ වාසිය දිනාගත් කුල්නා නායක මුශ්ෆිකර් රහීම් චිතගෝන් පිලට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කළේය.

මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි චිතගොන් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් රැස් කලේය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අෆීෆ් හොසේන් ලකුණු 44 ක් රැස් කලේය.

එයට හතරේ පහර 3ක් හා 6 පහර 2 ක් අන්තර්ගත විය.දඟපන්දු යවන්නන්ගේ පාරාදීසියක් වන බංග්ලාදේශ තණතීරු තුල ඉනිමේ සාර්ථකම පන්දුයවන්නා වෙමින් තිසර පෙරේරා පන්දුවාර 4 ක් තුල ලකුණු 18 කට කඩුලු 3 ක් බිඳදමන්නට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කුල්නා ටයිගර්ස් කණ්ඩායම කඩුලු හතරක් පමණක් දැවී පන්දුවාර 18 යි පන්දු 5 කදී එම ඉලක්කය පසු කර ගියේය.විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් ඇන්ඩෘ ෆ්‍ලෙචර් පන්දු 47 කදී ලකුණු 58 ක් රැස් කලේය.

6 පහර 2 ක් හා හතරේ පහර 6 කින් එම ඉනිම වර්ණවත් විය.නායක මුශ්ෆිකර් රහිම් ලකුණු 44 ක් හා සීක්කුගේ ප්‍රසන්න ලකුණු 23 ක් රැස් කලේය.පන්දු යැවීමේදී මෙහිදි හසන් කඩුලු 2 ක් බිඳ දමන්නට සමත් විය.

අවසන් තරඟය ජයගැනීමත් සමඟින් කුල්නා ටයිගර්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට එමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button