Cricket NewsEXCLUSIVE

Legends League ක්‍රිකට් පිටියේ දැවැන්තයින් ආම්බාං කරන කව්ද මේ “ඉන්දීය සුරූපිණිය”

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි 20 වැනිදා ඕමානයේ අල් අම්රට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. අද තරඟාවලියේ අවසන් දිනයයි

මෙම තරගාවලියේ පළමු තරගය කාන්තා විනිසුරුවරියන් විසින් විනිශ්චය කරනු දක්නට ලැබීම විශේෂ සිද්ධියක්.

එහිදී එක් තරුණ විනිශ්චකාරීයකගේ දැඩි මෙන්ම නිවරදි ක්ෂණික තීරණ ගැනීමේ අවස්ථා ගණනාවක් ඉන්ඩියා මහරාජාස් හා ඒෂියා ලයන්ස් කණ්ඩායම අතර පැවති සමාරම්භක තරගයේදී අප සුප්‍රීම් ටීවි නාලිකාව හරහා දුටුවා.

ඇය ඉන්දියාවේ ලාබාළතම ක්‍රිකට් තරග විනිශ්චකාරිය වන සුබ්ධා බෝස්ලෙ ගයික්වාඩ් ය. ඇයට ක්‍රිකට් ක්‍රීඩාව අරුමයක් නොවන්නේ ඇයගේ පියා වන අජිත් බෝස්ලේ ක්‍රිකට් පුහුණුකරුවෙක් වන අතර ඇයගේ මාමා කෙනෙකු වන ශ්‍රීකාන්ත් බොස්ලේ ඉන්දියාවේ හිටපු රංජි ක්‍රීඩකයෙකු වීමයි.

සුබ්ධා 2009 වසරේ වන තෙක් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ ක්‍රිකට් සංවිධානයේ අවුරුදු 16න් පහළ හා 19 පහළ කණ්ඩායම්වල ක්‍රීඩිකාවක් ලෙසින් ද ක්‍රීඩා කොට තිබෙනවා. ලොව විශිෂ්ටතම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් තරග වදින සුවිශේෂී තරගාවලියක් ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් වෙත අවතීරණ වන්නට ලැබීම මහත් භාග්‍යයක් කොට ඇය සළකයි. 30 හැවිරිදි ඇය විවාහ වී සිටින්නේ සුජෙයි බොස්ලේ සමඟ වන අතර ඇය එක් දරු මවක් ද වනවා.

මෙය සමස්ත කාන්තාවන්ටම විශේෂ අවස්ථාවක් වන බව පැවසූ ඇය ඉදිරියේ දී මෙවන් අභියෝගාත්මක කට‌යුතුවල නියැලීමට එය කාන්තාවන්ට නිසැක උත්තේජනයක් වනු ඇති බව පවසයි.

2022 ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (Legends League Cricket) සඳහා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 03ක් වන අතර ඒෂියා ලයන්ස්, ඉන්ඩියා මහරාජාස්, වර් ල්ඩ් ජයන්ට්ස් යනුවෙන් මෙම කණ්ඩායම් 03 නම් කොට තිබේ.

ඉන්දියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ එංගලන්තය වැනි ප්‍රබල රටවල් නියෝජනය කරන ලද හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇතිව තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග, අජන්ත මෙන්ඩිස්, දිල්හාර ප්‍රනාන්දු හා රොමේෂ් කළුවිතාරණ, නුවන් කුලසේකර යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඒෂියන් ලයන්ස් කණ්ඩායමට නම් කො‌ට ති‌බෙනවා.

ක්‍රිකට් පිටිය දෙදර වූ සුපිරිම ක්‍රිකට් තරු කාන්තා විනිශ්චයන් යටතේ ලොව සුන්දරම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක පාන පෙළහර ඔබට සුප්‍රීම් ටිවී නාලිකාව ඔස්සේ මෙන්ම සුප්‍රීම් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ද නැරඹිය හැකියි.

සුබ්ධා ට අමතරව මෙම තරගාවලිය තුළ දකුණූ අප්‍රිකාවේ ලොරේන් ඇගන්බැග්, පාකිස්ථානයේ හුමාරියා ෆාරා, හොංකොං හී රෙනි මොට්ගොමෙරි විනිසුරුවරියන් ලෙස කටයුතු කරන අතර සමස්ත තරගාවලියේ තරග තීරකවරිය ලෙස සැන්ඩ්‍රේ ෆ්‍රිට්ස් කටයුතු කරනවා.

සමස්ත ශ්‍රී ලංකාව ක්‍රිකට් රසිකාගාරයේ සදාතනික ආදරය හා ගෞරවයට පාත්‍ර වූ 2022 ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් (Legends League Cricket) තරගාවලියම සුපැහැදිළි දසුන් සහිතව යූ.එච්.එෆ් (UHF) භෞමික සංඛ්‍යාත 47 (දීපව්‍යාප්ත) හා බස්නාහිර – 49, දකුණු 28/47/51, වයඹ 32/47, නැගෙනහිර – 41/51 යු.එච්.එෆ් (UHF) නාලිකා අංක ඔස්සේ Supreme Now යූටියුබ් නාලිකාවෙන් මෙන්ම Supreme TV නිල Facebook පිටුව ඔස්සේ සජීවී ව නැරඹීමේ අවකාශය දැන් තිබෙනවා.

සුප්‍රීම් ටිවී නාලිකාව ශ්‍රී ලංකාවේ දැවැන්තම ක්‍රිකට් ලීග් තරගාවලිය වන LPL හිද නිල රූපවාහිනී සහකරු ලෙසින් වසර 05කට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය හා තරගාවලි සංවිධායක IPG ගෲප් සමගින් ගිවිසුම් ගතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button