Cricket NewsEXCLUSIVEIPL

දැවැන්ත හයේ පහර 7කින් සහ හතරේ පහර 5කින් වර්ණවත් වූ Mitchell Marshගේ IPL ගිනිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 58වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුයේ මෙවර තරඟාවලියේ අවසන් වටයේ බලාපොරොත්තු තව දුරටත් ආරක්ෂා කරගනිමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

කෙසේ නමුත් ලකුණු 161ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට එම ඉලක්කය පහසු නොවුයේ ඉනිමේ දෙවන පන්දුවෙන්ම ආරම්භක පිතිකරු Srikar Bharat ලකුණු නොලබා දැවී යාමත් සමගයි. ඒ අනුව පිටියට පිවිසි Mitchell Marsh ඒ වන විට පිටියේ රැඳී සිටි David Warnerහා එක් ව බිඳ වැටුණු ඉනිම ගොඩ නැගීමේ වගකීම ඉටු කරනු ලැබුවා.

අවසානයේ දැවැන්ත හයේ පහරවල් 7ක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වේගවත් ලකුණු 89ක් පන්දු 62ක් තුල රැස් කල Mitchell Marsh දැවී යන විට David Warner හා එක් ව ඔහු පැවැත්වූ සබඳතාවය ලකුණු 144ක්.

Mitchell Marshගේ එම සුපිරි පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button