BPLCricket NewsEXCLUSIVE

තිසර පෙරේරාගේ සුපිරි දස්කම් හේතුවෙන් BPL පිටියේ, කුල්නා කණ්ඩායමට විශිෂ්ට ජයක්.!

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (21 වැනිදා) ඩකා නුවර ශ්‍රේ බංග්ලා‍ ක්‍රීඩාංගණයේදී ඉසුරු උදාන ක්‍රීඩා කරන ඩකා කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරා ක්‍රීඩා කරන කුල්නා කණ්ඩායම සමත් වුවා.

එම තරඟයේදී පන්දුවාර 4 ක් යවමින් ලකුණු 27 කට කඩුල්ලක් දවාගත් තිසර, ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී හතරේ පහර 6 ක් සමග පන්දු 18 කින් නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුවා.

ඩකා කණ්ඩායමට ක්‍රීඩා කරන ඉසුරු උදානගේ පන්දු වාර 4 තුල තුළ ප්‍රතිවාදීන් ක්‍රීඩකයන් ලකුණු 37 ක් රැස් කිරීමට සමත් වුනා.

ජයග්‍රහණය කරා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය කුල්නා ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 61 ක් රැස්කළ රොනී තුලක්දාර් තරගයේ වීරයා බවට පත්විය.

ආරම්භක පිතිකරු ඔන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 23 කින් ලකුණු 45 ක් රැස්කළේද හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 42 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.

මොහොමඩ් ශේෂාඩ් පන්දු 27 කදී හත‍රේ පහර 8 ක් සමග ලකුණු 42 ක්ද, නායක මහමදුල්ලා රියාද් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුනු 39 ක්ද රැස්කිරීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7