Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ සුපිරි දස්කම් හමුවේ මැලේසියාව අන්ත පරාජයකට ලක් වෙයි – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවට.!

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් තෙවන තරඟය අද සත්කාරක මලයාසියානු කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්විනි.

ඒ මලයාසියාවේ ක්වාලා ලාම්පූර් නුවර කින්‍රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී ය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මලයාසියානු කණ්ඩායම් නායිකා විනිෆ්‍රඩ් දුරෛසිංහම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට මුලින්ම පන්දුවට පහර දීම සඳහා ආරාධනා කලේය.

චමරි අතපත්තුගේ වේගවත් ආරම්භය හා මැදපෙලින් ඉනිමට නැංගුරම වූ හර්ශිතා මාධවීගේ හා නිලක්ශි ද සිල්වාගේ විශිෂ්ඨ ඉනිම් නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 175 ක් රැස් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හර්ශිතා මාධවී පන්දු 42 කදී නොදැවී ලකුණු 65 ක් රැස් කරන්නට සමත් වූ අතර එයට හතරේ පහර 10 ක් අන්තර්ගත විය.

නිලක්ශි ද සිල්වා නොදැවී ලකුණු 49 ක් රැස් කරන්නට සමත් වූ අතර එයට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.පන්දු යැවීමේදී විනිෆ්‍රඩ් දුරෛසිංහම් ලකුණු 30 කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි මලයාසියානු ක්‍රීඩිකාවන් හට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 82 ක් පමණි.

සාර්ථක පන්දුයැවීමක නිරත වූ සුගන්දිකා කුමාරි හා ඕශදී රණසිංහ කඩුලු 2 ක බැගින් බිඳ දමන්නට සමත් විය.සෙසු දැවී යාම් තුනම දුවද්දි දැවී යාම් බවට පත් කරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මලයාසියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායිකා විනිෆ්‍රඩ් දුරෛසිංහම් ලකුණු 42 ක් රැස් කලේය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනිමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරඟ තුනම ජයග්‍රහණය කරමින් අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7