Cricket NewsEXCLUSIVEIPL

Tim Davidගේ පිත්තෙන් එල්ල වී ක්‍රීඩාගාරයෙන් ඉවතට විසි වූ, මීටර් 114ක් දිග මෙවර IPL තරඟාවලියේ දෙවන දැවැන්තම හයේ පහර..

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 65න තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 194ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 190ක් පමණයි

Mumbai Indians ජයග්‍රහණය කරා රැගෙන යාමට සුපිරි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කල Tim David පන්දු 18ක් තුල වෙගවත් ලකුණු 46ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

එහිදී Tim David 17වන පන්දුවාරයේ 4වන පන්දුවට මීටර් 114ක් දිග දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනා. එමෙන්ම එය සටහන් වුයේ මෙවර තරඟාවලියේ දිගම දෙවන හයේ පහර ලෙසයි.

Tim David එල්ල කල එම දැවැන්ත හයේ පහර පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button