Cricket NewsEXCLUSIVEInternational

දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ශ්‍රි ලංකාව සමග තරගාවලියෙන් ඉවතට – කෝඩුකාරයින් 4ක් සමඟ ඇෆ්ගන් පිල ලංකාවට පැමිණේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතයට ටෙස්ට් වරම් හිමි නොවූ ක්‍රීඩකයින් 4ක් එක්කර ඇති අතර, පිට කොන්දේ සැත්කමක් හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියේය. ඔහු වෙනුවට 2019 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට පිවිස එතැන් සිට එකඳු පළමු පෙළ තරගයක්වත් ක්‍රීඩා කර නැති ක්වයිස් අහමඩ් 16කගෙන් යුත් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ටෙස්ට් තරගය පෙබරවාරි 2 වැනිදා එස්එස්සී පිටියේදී ආරම්භ වීමට නියමිත අතර, ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් එම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේය.

රෂීඩ් ඛාන්ට මාස 2ක් ක්‍රීඩා කළ නොහැකි බව වෛද්‍යවරු දැනුම්දී ඇති අතර, පිතිකරු නූර් අලි සද්‍රාන්, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක සියා උර්-රෙහ්මාන්, කඩුලු රකින ක්‍රීඩක 18 හැවිරිදි මොහොමඩ් ඉෂාක් සහ මඳවේග පන්දු යවන නවීඩ් සද්‍රාන් කණ්ඩායමට එක්වූ නවක ක්‍රීඩකයෝ වෙති. නූර් අලි සද්‍රාන් එක්දින තරග 51කට හා විස්සයි 20 තරග 23කට ක්‍රීඩා කොට ඇති අතර, සියා උර්-රෙහ්මාන් එක්දින තරගයක් නියෝජනය කළේය. මොහොමඩ් ඉෂාක් පළමු පෙල තරග 10ක් ක්‍රීඩා කොට ඇති අතර, නවීඩ් සද්‍රාන් පළමු පෙළ තරග 7කට ක්‍රීඩා කළේය.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් පිලේ නායකත්වයට හෂිමතුල්ලා ෂාහිඩි නම්කොට ඇති අතර, උපනායකත්වය රහමට් ෂා වෙත පිරිනමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
3
+1
2
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button