Cricket NewsDomestic CricketEXCLUSIVE

Blues, Reds, Greens සහ Greys යන කණ්ඩායම් 4ම අවසන් මහා තරඟයට පිවිසීමට මාන බලන වර්ණ සංග්‍රාමයේ තීරණාත්මක දිනය අදයි.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා,

තරගාවලියේ තරග පැවැති දින 2 ක් අවසනදී එම ප්‍රසාද ලකුණු ‌සටහනේ පෙරමුණ ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් Blues කණ්ඩායම සමත්ව සිටියි.

ලීග් තරගාවලියක් ලෙසින් මූලික වටය පැවැත්වෙන මෙම තරගාවලියේ තරග පැවැත්වෙන අවසන් දිනය වන්නේ අද (13) දිනය වන අතර එහිදී අවසන් මහ තරග සටන උදාකර ගැනීම සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Greens කණ්ඩායම අතර පවතින්නේ දැඩි තරගකාරීත්වයකි.

මේ වන විට තරග 2 කට සහභාගව සිටින Blues කණ්ඩායම එම තරඟ දෙකම ජයග්‍රහණය කරමින්, ප්‍රසාද ලකුණු 4 ක් ද සමඟ එහි පෙරමුණ ගෙන සිටින්නේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 1.135 ක් ලෙස රඳවා ගනිමිනි.

එමෙන්ම ඔවුන්ට පමණක් දෙවැනිව සිටින කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු Reds කණ්ඩායම මෙන්ම තෙවැනි ස්ථානයේ පසුවන Greens කණ්ඩායම තරග 2 කදී එක් ජයග්‍රහණය බැගින් වාර්තා කොට සිටි.

ඒ ‌අනුව තීරණාත්මක අද දිනයේදී Greens සහ අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු Greys කණ්ඩායම පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිත තරගයේදී තරග වදින අතර Blues සහ Red කණ්ඩායම් අතර තරගය පස්වරු 7.30 ට ආරම්භ කිරීමට නියමිතය.

තමන් සභාගිවුණු තරග 2 ම Greys කණ්ඩායම පරාජයට පත්ව ඇති නමුත් ප්‍රසාද ලකුණු සටහන අනුව ලීග් තරග විටයේ අවසන් දිනය වන අද දිනයේදීත් අවසන් මහ තරග අවස්ථාව උදා කර ගැනීම සඳහා සියුම් අවස්ථාවක් ඔවුන්ට නිර්මාණය වී තිබේ.

එහෙත් එම බලාපොරොත්තු රඳා පවතිනුයේ පස්වරුවේ පැවැත්වීමට නියමිත Blues සහ Reds තරගයේ ජය Blues කණ්ඩායම අත්කරගතහොත් පමණි. එසේ වුවහොත්, රාත්‍රියේ පැවැත්වීමට නියමිත ග්‍රීන්ස් පිලට එරෙහි තරගයේ ජය වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජය ගැනීමට Greys සමත් වුවහොත් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඔවුනට පවතිනු ඇත.

මේ අතර Bluesට එරෙහි තරගය Reds කණ්ඩායම ජය ගෙන, Greys කණ්ඩායමට එරෙහි තරගය Greens ජය ගතහොත් කණ්ඩායම් 3 ම ජයග්‍රහණ 2 බැගින් වාර්තා කිරීමට සමත්වන බැවින් එහිදී ප්‍රසාද ලකුණු වේගය මත අවසන් මහා තරඟයට ක්‍රීඩාකරන කණ්ඩායම් තීරණය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7