Cricket NewsEXCLUSIVEMatch Review

රමේශ් මෙන්ඩිස්ගේ සහ ඇඹුල්දෙණියගේ දඟ පන්දුව හමුවේ කොදෙව් පිතිකරුවන් දණ නමයි – ගාලු පිටිය විජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!

ලෝක ටෙස්ට් ශූරතාවලිය ට අදාලව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරඟයේ 5වන දිනය වන අද දිනය ආරම්භයේ දී ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 328 ක් රැස්කරගෙන සිටි අතර ශ්‍රී ලංකාව එහිදී කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියා.

අද දින ආරම්භ කරමින් තවත් පන්දුවාර කිහිපයක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 345 දක්වා රැගෙන ඒමට සමත් වූ අතර ශ්‍රී ලංකා දෙවනි ඉනිම ස්ථාවර කල ධනංජය ද සිල්වා ලකුණු 155ක් රැස් කල අතර ඇඹුල්දෙණිය ලකුණු 39කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉණිම අත්හිටවූ ශ්‍රී ලංකා නායකයා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අවස්ථාව ලබා දුන්නා.

ඒ අනුව කොදෙව් පිතිකරුවන්ට දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අද දිනයේ දී ලකුණු 297 ජයග්‍රහි ඉලක්කයක් හිමිවුණා.

කෙසේ නමුත් ලකුණු 297 ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 132 දෙකක් පමණයි.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Nkrumah Bonner බොන ලකුණු 44 ක් රැස් කළ අතර Jermaine Blackwood ලකුණු 36 ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ගාලු පිටියේ අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙනිය සහ රමේෂ් මෙන්ඩිස් කොදෙව් දෙවැනි ඉණිමේ පාලනය සියතට ගැනීමට සමත්වුයේ කොදෙවි පිතිකරුවන් එකා පිට එකා දවාගනිමිනි.

කොදෙව් පිතිකරුවන්ව ආරම්භයේ පටන්ම සිය පාලනය තුල තබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආරම්භ පිතිකරු Kraigg Brathwaiteව දවා ගැනීමට සමත් වු අතර අනතුරුව ක්‍රියාත්මක වූ ලසිත් ඇඹුල්දෙනිය Jermaineව දවාගත් අතර අනතුරුව කොදෙව් කඩුලු දඩයම ආරම්භ වුණා.

රමේශ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වූ අතර රමේෂ් මෙන්ඩිස් සිය පළමු ඉනිමේ දී ද කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ අතර දෙවැනි ඉනිමේ බිඳ හෙලු කඩුලු 5ත් සමග ඔහු තරගය පුරාවට කඩුළු 11ක් බිඳ හේලීමට සමත්වුයේ සිය පෞද්ගලික හොඳම ටෙස්ට් පන්දු යැවීම සනිටුවහන් කරමිනි.

තරඟයේ වීරයා සම්මානය හිමි වුයේ බිඳ වැටුණු ශ්‍රී ලංකා දෙවැනි ඉණිම පසු පෙළ පිතිකරුවන් සමග එක් වී ගොඩනගමින් පිත්තෙන් ලකුණු 155ක් රැස් කල ධනංජය සිල්වා හටයි.

තරඟාවලිය පුරාවට ප්‍රතිවාදී වාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දුන් රමේෂ් මෙන්ඩිස්ට තරඟාවලියේ වීරයා සම්මානය හිමි වුනා.
තරඟය පිළිබඳ කෙටි සටහනක්

ශ්‍රී ලංකා පළමු ඉණිම – 204/10
කොදෙව් පළමු ඉණිම – 253/10
ශ්‍රී ලංකා දෙවන ඉණිම – 345/9
කොදෙව් දෙවන ඉණිම – 132

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7