Cricket NewsEXCLUSIVETrending Article

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් කුසල් ජනිත් සහ විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට හිමිකර දුන් ඓතිහාසික ජයග්‍රහණයට වසර 3යි.

” Parera will live in the heart of millions for long long time. ”

දකුණු අප්‍රිකාව පලමු ඉනිමට 235 යි.විශ්වට කඩුලු 4 යි, රාජිතට කඩුලු 2යි.

අපි පලමු ඉනිමට ලකුණු 191 යි. කුසල්ට ලකුණු 51 යි. දිමුත්ට ලකුණු 30 යි.

දකුණු අප්‍රිකාව දෙවෙනි ඉනිමට ලකුණු 259යි. විශ්වට ආයෙත් කඩුලු 4 ක්. ඇඹුලට විකට් 5 ක්.
අපිට දිනන්න ලකුණු 304 ක දැවැන්ත ඉලක්කයක්.

ස්ටේයි, රබාඩා එක්ක පිලැන්ඩර් කියන භයානක වේග පන්දු යවන්නො තුන් දෙනෙක් අපෙ ඉනිම සුණු විසුණු කරන්න සූදානමින්.

දිනන එක කෙසේ වෙතත් ඩ්‍රොව් කරගන්න හරි පුලුවන් උනොත් හොදටම ඇති..අපි හිතුවෙ එහෙම.

හතරවෙනි දවස ඉවර වෙද්දි අපෙ කඩුලු තුනක් ලකුණු 83 ක් වෙද්දි බිද වැටිලා ඉවරයි.
තව දවසක් එහෙම්ම ඉතුරුයි. දිනන්නම් තව ලකුණු 221 ක් ඔනි.
ඩ්‍රොව් කරගන්නම්ම් තව දවසක් බැට් කරන්න ඔනි.

මොනා කරන්නත් තව තියෙන්නෙ විකට් 7 යි.

හතරවෙනි දවසෙ පලවෙනි කඩුල්ල විදිහට ඕෂධ ක්‍රීඩාගාරයට. දැන් 110/4 යි.

ඊලග ආවෙ නිරොෂන් දික්වැල්ල. බෝල් දෙකයි ෆේස් කරේ.. ස්ටේයින්ට තවත් කඩුල්ලක්. දැන් 110/5 යි.

6 වෙනි කඩුල්ලට කුසල් ජනිත් එක්ක DDS එකතු වෙලා ලකුණු 96 ක සබදාතාවයක්.

ලකුණු 48 කට DDS දවී යනවා. දැන් 206/6 යි.

මේ අතරේ රබාඩාගෙ බෝලයක් අතේ වැදෙන කුසල් ජනිතුත් පිටිය මැද ඇදගෙන වැටෙනවා.
ලක්මාල්, ඇඹුල්දෙනිය , රාජිත.. කඩුලු තුනම ලකුණු 20 ක් ඇතුලද දවා ගන්න මහජාර් එක්ක එකතු උන ඔලිවර්ට පුලුවන් වෙනවා.

දැන් 226/9 කඩුලු 9 යි. දිනන්න තව ලකුණු 78 ක් ඔනි.. කුසල් එක්ක අනිත් පැත්තෙ ඉන්නෙ පිතිකරණයට ලොකු හැකියාවක් නැති විශ්ව.

ඒ වෙද්දි මැච් එක බලපු අපිත් පරාජය භාර ගෙන ඉවරයි. හැබැයි හිතුවෙ කාවුරුත් නොසිතපු දෙයක්.

” කුසල් අයියේ…,වෙන කරන්නම දෙයක් නැත්නම් මම ඇගෙන් හරි බෝලෙට ගහනවා,
ඔයා පුලුවන් දෙයක් කරලා අපිව කොහොමහරි ගොඩ දාන්න…”

කුසල් ජනිත්ට එහෙම කියන්නෙ අනිත් පැත්තෙ ඉන්න විශ්ව.
කිව්වා වගේම ඔහු එය කළා.

වේලාව පස්වරු හය පසු වී විනාඩි 15 ට පමණ ඇත..

“He does it, he absolutely does it. One of the greatest innings you’ll ever see!.
He got his team to victory ,
He got his 150,
What a historical day at here durban ! ”

විස්තර විචාරකාගාරයේ සිට එසේ කෑ ගසන්නේ ෂෝන් පොලොක් ය.

කගිසො රබාඩා යොමු කල පන්දුව කුසල් ජනිත් පෙරෙරාගෙ පිත්තෙ දැවටී කඩුලු රකින්නා සහ පලමු වැනි ස්ලිප් ක්‍රීඩකයා පසු කරමින් ඩර්බන් පිටියේ හතරේ සීමාවා කරා ඇදී ගියේ කිසිදා අමතක නොවන ටෙස්ට් ජයක් අපේගේ රටට හිමි කර දෙමින්ය.

” Parera will live in the heart of millions for long long time.”

ඔව්..එ තමා ඒ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොදම ටෙස්ට් ඉනිම. කුසල් ජනිත් පෙරෙරාගෙන් නොදැවුණු ලකුණු 153* ක්.
අන්තිම කඩුල්ලට ලකුණු 78* ක නොබිදුණ සම්බන්දතාවය.

වසර 8 කට පසු දකුණු අප්‍රිකාවෙදි ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්. ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක ආරම්භයක්.

ඒ සුන්දර මතකයට අදට අවුරුදු 3 ක් !

– Cric Metric Srilanka පිටුව තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7