Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දැඩි විමසිල්ලකින් පසුවන හිටපු පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ජයග්‍රහණය පිලිබඳ තැබූ සටහන.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති අවසන් තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ජාත්‍යන්තර අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාවටම දැක්වූ දක්ෂතා ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ පමණක් නොව ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසාවට ලක්වෙනු දැකගන්නට ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දැඩි විමසිල්ලකින් පසුවන හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු වන මිකී ආතර් මහතා ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිළිබඳව විශේෂ ට්විටර් පණිවිඩයක් තබමින් සුභ පැතුම් එක් කර තිබුනා.

එම ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7