Cricket NewsEXCLUSIVELPL

අබුඩාබි T10 පිටිය ගිණිකෙළි සැණකෙළියක් කළ බිහිසුණු ප්‍රහාරාත්මක පිතිකරු ටොම් කොහොල්, Jaffna Kings හා එක් වෙයි.!

පසුගිය දිනවල අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමිනි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණ ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන අබුඩාබි T10 තරගාවලිය ඊයේ නිමා වූවා.

එහිදී ප්‍රථම වරට ලොව වේගවත්ම තරගාවලියේ ශූරයන් බවට පත්වීමට Deccan gladiators කණ්ඩායම සමත් වූනා.

මේ අතර T10 ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු වාර්තා කළ එංගලන්ත යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩක Tom Kohler-Cadmore මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අද Jaffna Kings කණ්ඩායම සමග එක්වුනා.

ඒ හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් පවුද්ගලික කාරණයක් හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීගයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු වෙනුවට ආදේශ වූ විදෙස් ක්‍රීඩකයා ලෙසයි.

තවමත් 27 හැවිරිදි වියේ පසු වන Tom Kohler-Cadmore ඊයේ නිමාවට පත්වු අබුඩාබි T10 තරගාවලියේදි ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ගේ වාර්තාව ද තමන් සතු කර ගත් ක්‍රීඩකයා වන අතර Bangla Tigers කණ්ඩායමට එරෙහිව පන්දු 39 කදී වේගවත් ලකුණු 96 ක් ලබා ගැනීමට එහිදි Tom Kohler-Cadmore සමත් වුනා.

Tom Kohler-Cadmore අද උදෑසන 8.25 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණි අතර එංගලන්තයේ ‍යෝර්ක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කැඩ්මෝ ඕනෑම පීඩනයක් යටතේ වේගයෙන් ලකුණු ලබා ගැනිමේ හැකියාවක් පවතින සටන්කාමී පිතිකරුවෙකු ලෙස විචාරකයන් හඳුන්වන ලබන ක්‍රීඩකයෙකි. එනම් තරඟයක් කණපිට හැරවිය හැකි ක්‍රීඩකයකු ලෙස ඔහු ප්‍රකටය.

මේ අතර ඊයේ නිමා වූ අබුඩාබි T10 තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන Rahmanullah gurbaz ද ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු ද නියෝජනය කරන්නේ Jaffna Kings කණ්ඩායම වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7