දිනකට රුපියල් ලක්ශ 7 ක පමණ වැටුපක් ලබා ගනිමින් ක්‍රිකට් ගොඩ ගැනීමට පැමිණි ටොම් මූඩි, එම තනතුරෙන් ඉවත් කරයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් හී උසස් අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරපු ටොම් මූඩිගේ වසර තුනක සේවා කාලය වසර එකහමාරකින් අහවර කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා.
ඒ මහේල ජයවර්ධන විසින් මේ වනවිට ශ්‍රි ලංකා ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු වල එකතු වී සිටින නිසා ටොම් මූඩිගේ සේවය දැන් ශ්‍රි ලංකා ක්‍රිකට් වලට අවශ්‍ය නොවෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ටොම් මූඩිට වන්දි විදිහට ශ්‍රි ලංකා ක්‍රිකට් වලින් ඩොලර් හතලිස් පන්දහසක් ගෙවීමට සිදු වෙනවා.
කෙසේ නමුත් ටොම් මූඩි ශ්‍රි ලංකාවේ ගත කරන සෑම දිනකම ඔහුට තරු පහේ හෝටල් සහ සියලු වරප්‍රසාද සහිතව දිනකට ඩොලර් දෙදහසක මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් වලින් ගෙවා තිබෙනවා.
කෙසේ නමුත් වසර එකහමාරක් පුරාවට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිදු කල දේ තවමත් ප්‍රශ්නාර්ථයක්, විශේෂත්වය වන්නෙ ඔහු පුහුණුකාරිත්වය දැරු සන්රයිසස් කණ්ඩායමෙන්ද ඔහු ඉවත් කර තිබේ.