Cricket NewsEXCLUSIVEIPL

මෙවර IPL 2022 තරඟාවලියේ භානුක රාජපක්ෂගේ Punjab Kings ක්‍රීඩා කරන අවසන් තරඟය අද රාත්‍රියේ..

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 70වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මෙම කණ්ඩායම් දෙකම මෙම වසරේ IPL හි ක්‍රීඩා කරන අවසන් තරඟය ද මෙය වනවා,

Sunrisers Hyderabad හි නායකත්වය Kane Williamson විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 13කට සහබාගි වී ඉන් තරඟ 6ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. එමෙන්ම Punjab Kings කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද තරඟයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

Royal Challengers Bangalore කණ්ඩායම ද මේ වන විට තරඟ 12කට මුහුණ දී ඉන් තරඟ 7ක් ජය ගෙන මේ වන විට ප්‍රසාද ලකුනු සටහනේ 4වන ස්ථානයේ පසු වනවා.

Sunrisers Hyderabad කණ්ඩායම ද මේ වන විට තරඟ 12කට මුහුණ දී ඉන් තරඟ 7ක් ජය ගෙන මේ වන විට ප්‍රසාද ලකුනු සටහනේ 8වන ස්ථානයේ පසු වනවා.

අද තරඟයේ තීරණය කුමක් වුවත් මෙම කණ්ඩායම් දෙකටම ඉදිරියට යාමට අවස්ථාවක් නැහැ.

ඒ අනුව Sunrisers Hyderabad සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Sunrisers Hyderabad –

Abhishek Sharma, Priyam Garg, Rahul Tripathi, Aiden Markram, Nicholas Pooran (wk), Glenn Phillips, Washington Sundar, Bhuvneshwar Kumar (c), Fazalhaq Farooqi, Umran Malik, T Natarajan/Kartik Tyagi

Punjab Kings –

Jonny Bairstow, Shikhar Dhawan, Bhanuka Rajapaksa/Shahrukh Khan, Liam Livingstone, Mayank Agarwal (c), Jitesh Sharma (wk), Harpreet Brar, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Arshdeep Singh

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button