Cricket NewsEXCLUSIVEIPL

RCB විසින් නම් කරන ලද “2021 වසරේ ගෝල්ඩන් මෙමරිස්” අතරට වනිදු හසරංග දෙවතාවක්ම නම් වෙයි.!

මේ වන විට ක්‍රිකට් ලෝකයේ පැවැත්වෙන දැවැන්තම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැඳින්වෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියයි.

IPL තරඟාවලියේ පසුගිය 2021 වසරේ පැවති තරඟ වාරයේදී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් දෙදෙනා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දී RCB කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

ඔවුන් දෙදෙනාටම RCB වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වීමට එම තරගවාරයේ නොහැකි වුවා, ඊට හේතුව වුයේ වනිදු හසරංග හට තරඟ දෙකක් පමණක් ක්‍රීඩා කිරීමට ලැබීමත් චමීර හට එකදු තරඟයක් හෝ ක්‍රීඩා කිරීමට නොලැබීමත් යන කාරණයයි.

කෙසේ නමුත් IPL අවසාන වනවාත් සමගම ආරම්භ වූ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක්වීමට එම ක්‍රීඩකයන් දෙදෙනාම සමත් වුණා.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2021 වසරේ ක්‍රීඩකයන් දක්වන ලද දක්ෂතා “𝐁𝐎𝐋𝐃 𝐌𝐎𝐌𝐄𝐍𝐓𝐒 2️⃣0️⃣2️⃣1️⃣” ලෙස ඔවුන්ගේ සමාජ මාධ්ය පිටුවල පළ කර තිබෙනවා.

එම RCB සමාජ මාධ්ය ගිණුම්වල පළ කරන ලද “𝐁𝐎𝐋𝐃 𝐌𝐎𝐌𝐄𝐍𝐓𝐒 2️⃣0️⃣2️⃣1️⃣” අතරට ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සටහන් දෙකක්ම ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එම සටහන් ද්විත්වය පහතින් නරඹන්න.

01

]

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button