Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට – විරාට් කෝලි හා තේරීම් කමිටුව එළිපිටම ගැටෙයි.!

පසුගිය ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස එම ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමටත් පෙර සිට ඉන්දීය තේරීම් කමිටු හා ක්‍රිකට් ආයතන නිළධාරීන් සියලු දෙනාම විරාට් කෝලිගෙන් ඉල්ලා සිටි බව එරට තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය එක්දින සංචිතය නම් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර මේ වන විට ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටිනවා.

කෙසේ නමුත් දකුණු අප්‍රිකා සංචාරය සදහා පිටත්ව යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී කෝලි කියා සිටියේ විස්සයි-20 නායකත්වයෙන් ඉවත් වීමේ තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට කිසිවෙකු තමාගෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බවයි.

එක්දින කණ්ඩායමේ ද නායකත්වයෙන් තමාව ඉවත් කරන බවට දැනුම් දුන්නේ ද දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් සංචිතයේ තේරීම් සිදු කිරීමට මිනිත්තු 90කට පෙර බව කෝලි එම මාධ්‍ය හමුවේ දී සදහන් කර සිටියා.

අද පවතී මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා මෙලෙස ප්‍රකාශ කර සිටියා,

“රැස්වීම ආරම්භ කරන විට, සියලු දෙනාටම ඒක (කෝලිගේ ඉල්ලා අස්වීම) පුදුමයට කරුණක් වුණා. විස්සයි-20 ලෝක කුසලානය අභියසදී ඔබට මෙවැනි දෙයක් අහන්න ලැබුනොත්, ඔබේ ප්‍රතිචාරය මොකක් වේවිද? රැස්වීමේ හිටපු හැමෝම ඔහුට කීවා ඒ තීරණය ගැන ඔහු යළි සලකා බැලිය යුතුයි කියලා, වගේම ලෝක කුසලානයෙන් පසුව ඒ ගැන අපට සාකච්ඡා කළ හැකියි කියලා.”

“සෑම තේරීම් නිළධාරියෙකුම හිතුවා මෙය ලෝක කුසලානයේ දී අපට බලපෑමක් එල්ල කරයි කියලා. ඒක කිව්වා විරාට් කෝලිට, ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් කරුණාකර නායකයා ලෙස රැදී සිටින්න කියලා, ඒක රැස්වීමේ හිටපු හැමෝම කිව්වා.” යනුවෙන් ඔහු පවසා සිටියා.

මීට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි විසින් ද මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට තමා විරාට් කෝලිගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, ඊට පරස්පර විරෝධී ප්‍රකාශයක් කෝලි විසින් මාධ්‍ය වෙත සදහන් කිරීමත් සමග මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් මේ වන විටත් ඇති වී තෙබෙනවා.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර විස්සයි-20 නායකත්වයෙන් පමණක් ඉල්ලා අස්වීමට කෝලි තීරණය කළ නමුත්, පසුව ඉන්දීය තේරීම් කමිටුව ඔහුව එක්දින නායකත්වයෙන් ද ඉවත් කිරීමට පියවර ගත්තා.

“තේරීම් කමිටුවේ තීරණය වුණේ සීමිත පන්දුවාර තරග සදහා එක් නායකයෙකු පමණක් නම් කිරීමයි. එය දුෂ්කර තීරණයක්, නමුත් තේරීම් කමිටුවට දැඩි තීරණ ගන්න සිදු වෙනවා”

යනුවෙන් තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button