Cricket NewsEXCLUSIVEInternational

පළමු තරඟය පරාජය වීමෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩකයෝ මෙන්ම පරිපාලනයද ICC විනිසුරුවරුන්ගේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න කරයි

Bangladesh shock Australia with historic Test win | Daily News

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරඟය සංචාරක බංග්ලාදේශය ලකුණු 220 කින් පරාජය වීමත් සමඟ එම තරඟයේ කටයුතු කල විනිසුරුවන්ගේ විනිවිද බාවය පිලිබඳව ප්‍රශ්න කිරීම ආරම්භ වී තිබේ.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති හබිබුල් භශාර් ද විනිසුරුවරුන්ගේ අපක්ෂපාතී බව හා විනිවිද බව පිලිබඳව ප්‍රශ්න කර තිබුණි.

“මම ෂකීබ් සමඟ සම්පූර්ණයෙන් එකඟවෙනවා.කොවිඩ් ගැටලු සියල්ල අවසන් වී ඇති බැවින්, අපි නැවත මධ්‍යස්ථ විනිසුරුවන් වෙත යන්න ඕනි. විනිසුරුවන් අතින් වැරදි වෙනවා නමුත් අනිවාර්යයෙන්ම මධ්‍යස්ථ විනිසුරුවන් සෑම කෙනෙකුටම වාසි ලබා දෙන බව සහතික කරන්න පුලුවන් . ඒක අපි මේ තරඟ මාලාවේ ඉඳන් සහ පිටින්ම දැක්කා. DRS ක්‍රිමය නිසැකවම ප්‍රයෝජනවත් නමුත් නමුත් umpire’s call එක අපිට වාසිදායක උනේ නෑ.මධ්‍යස්ථ විනිසුරුවරයෙකු හිටියා නම්, ඔහු වැරැද්දක් කළත්, එය හිතාමතා කරා කියලා ඔබ සිතන්නේ නැහැ.මෙම තරඟාවලියෙදි මධ්‍යස්ථ නොවුනු තීරණ රාශියක් තිබ්බා.”.

භශාර් පළමු තරඟයෙන් අනතුරුව මේ සඳහන් කිරීම සිදු කලේ ශකීබ් අල් හසන් ද මේ විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය පිළිබඳව තම ට්විටර් ගිණුම ඔස්සේ තබා තිබූ සටහනකට ප්‍රතිචාර දක්වමිනි.

ශකීබ් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරඟය අතරතුර තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ “බොහෝ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල කොවිඩ් තත්ත්වය යහපත් බැවින් #Icc මධ්‍යස්ථ විනිසුරුවන් වෙත ආපසු යාමට කාලය එළඹ ඇතැයි මම සිතමි.”

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පුරාවට වඩාත් අවධානය දිනාගත් පුවතක් බවට මෙය පත්ව තිබේ.ඊට හේතුව වනුයේ එම තරඟයේ බොහෝ තීරණ පියවි ඇසට අපක්ෂපාතී නොවන බව පෙනීයාම නිසාය.කෙසේ නමුත් දකුණු අප්‍රිකානු මාධ්‍ය මෙය හුවා දක්වමින් කියා සිටින්නේ මෙය බංග්ලාදේශය පරාජයේ අවමානය මකා ගන්නට ගොතා ගත් කතන්දරයක් බවය.

A matter of sabbatical in Bangladesh Test cricket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button