Cricket NewsEXCLUSIVEIPL

“වනිඳු හසරංග වෙනුවෙන් IPL ක්‍රිඩක වෙන්දේසියේදි ලංසු තැබීමේ යුද්ධයක් ඇති වේවි” – ප්‍රවීණ ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබු අතර ඉන් තෝරාගත් ක්‍රීඩකයන් 590 දෙනෙකු IPL මෙගා ඔක්ෂන් හෙවත් ක්‍රීඩක වෙන්දේසියට අද දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

අද දහවල් 11ට IPL ක්‍රිඩක වෙන්දේසිය ආරම්භ වීමට නියමිතනව පවතිනවා.

මේ අතර ඉන්දීය ප්‍රවීණ ක්‍රිකට් විචාරකයකු වන ආකාෂ් චොප්රා ඊයේ දිනයේදි විශේෂ Twitter සටහනක් සිය නිළ ගිණුමට එක් කරමින් මේ වන විට ICC T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි අංක #01 ස්ථානයේ පසුවන වනිදු හසරංග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

වනිඳු හසරංග වෙනුවෙන් ලංසු තැබීමේ යුද්ධයක් මෙවර IPL ⁣ක්‍රිඩක වෙන්දේසියේදි නොතිබුනේ නම් පුද්ගලිකව මට අවුල්, රාජස්ථාන් රෝයල්ස්, වෙත ඔහු යන්න ඉඩ කඩ වැඩියි”

ආකාෂ් චොප්රා තැබු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7