Cricket NewsEXCLUSIVEInternational

“ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් හා ලෝක මට්ටමේ පන්දු යවන්නන් අපිට ඉන්නවා, අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ධෛර්යය ඉතා ඉහළයි ” ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් කියයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාවේ පසු වන්නේ එළඹෙන ලෝක කුසලානයට සූදානම් වෙමිනි.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා මෙලෙස සඳහන් කර සිටියා.

“ශ්‍රි ලංකාව ශක්තිමත් පිතිකරණ බලඇණියකින් සහ ලෝක මට්ටමේ පන්දු බලඇණියකින් සමන්විතයි. ඒ වගේම හොඳ තත්ත්වයක සිටින පන්දු රකින්නන් අප සතුයි.

පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානයේදී ඕනෑම ඉහළ පෙළේ කණ්ඩායමකට අභියෝග කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අපි පල්ලෙකැලේ හොඳ පුහුණු සැසියක් පැවැත්වූවා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ධෛර්යය මේ වන විට ඉතා ඉහළ මට්ටමක තියෙනවා ඒ වගේම කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩකයන්ගේ කැපවීම ධනාත්මක මට්ටමක තියෙනවා. අපේ දගපන්දු සුසංයෝගය ඇත්තටම ඉතා විශිෂ්ටයි. වනිදු හසරංග කියන්නෙ ලෝක මට්ටමේ දගපන්දු යවන්නෙක්. ඒ වගේම මහීෂ් තීක්ෂණ සිතා ගත නොහැකිඅභිරහස් පන්දු යවන්නෙක්. ඒ වගේම අපිට පසුපෙළ ඉන්නවා ජෙෆ්‍රි වැන්ඩසේ.

ධනංජය සිල්වා කියන්නෙ ඕනම වෙලාවක ප්‍රතිවාදීන්ට අභියෝගයක් වෙන්න පුලුවන් පන්දු යවන්නෙක්. වේගපන්දු බලඇණිය සතුව ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර ඉන්නවා. ඒ වගේම නවක පන්දු යවන්නන් දෙදෙනා ඩිල්ෂාන් හා ප්‍රමෝද් දක්ෂතා අතර ඉන්නවා.

පල්ලෙකැලේ තිබුනු පුහුණු සැසියේදි අපේ පන්දු යවන්නන් පන්දුව හොදින් දෝලනය කළා. ඕස්ට්‍රේලියාවේදී ඒක අපිට ප්‍රයෝජනයක් වේවි කියලා මම හිතනවා.

අපි ආසියානු කුසලාන තරගාවලියෙන් පස්සෙ හොද තත්වයක ඉන්නවා. නමුත් ඩුබායි වල හා ඕස්ට්‍රේලියාවෙ තත්වයන් වෙනස්. ඒවාට අනුගත වෙන එක ඉතා වැදගත්. මගේ සහායක කාර්ය මණ්ඩලය දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග, වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ, පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් සහ සහය පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සෑම විටම ක්‍රීඩකයන්ට සහාය දක්වනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7