Cricket NewsEXCLUSIVE

“සම්පූර්ණ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාස නැවත ඇති කරේ දසුන් ශානක” – ප්‍රවීණ විස්තර රොෂාන් අබේසිංහ

මෙරට ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් වන දෙරණ Big Focus වැඩසටහනට පසුගියදා එක්ව සිටියේ ප්‍රවීණ විස්තර රොෂාන් අබේසිංහ මහතායි.

එහිදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව විශේෂ ප්‍රකාශන කිහිපයක්ම සිදු කළ අතර එහිදී ඔහු විශේෂයෙන් ම සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් සැමවිටම ශ්‍රී ලංකා ක්‍රීඩක දිරිමත් කරමින් කටයුතු කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“සම්පූර්ණ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාස නැවත ඇති කරේ දසුන් ශානකගේ ඒ ඉනිම. ඉන්පසු ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග එක්දින තරගාවලිය3-2ක් ලෙස අපි ජයගත්තා, අපි ලේසි පහසු කණ්ඩායමක් නෙවෙයිනේ පරාජය කරේ. මම හිතනවා විශේෂයෙන්ම චරිත් අසලංක, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න සහ දසුන් ශානක ඇතුලු මේ සුදු බෝල කණ්ඩායමට හොද අවස්ථාවක් තිබෙනවා එළඹෙන ලෝක කුසලානය හොදින් අවසන් කරන්න.

මම හිතන්නේ අපි පරදිද්දි විවේචනය කරන්නේ දැනුම තියෙන අය නෙවෙයි. අපේ සමාජ මාධ්‍ය ගත්තොත් යම් ප්‍රතිශතයක් ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ නැති, බැට් එකක් අල්ලලවත් නැති, බෝලේ රවුම්ද හතරැස්ද කියලවත් දන්නේ නැති අය. අපි ජාතියක් විදිහට කරන්න ඕන දේ තමයි, කෙනෙක් වැටිලා ඉන්නකොට එයාව එසවීම. ඔබ බලන්න ඉන්දියාවේ ස්ටාර් ස්පෝස්ට් සහ සෝනි නාලිකා, කිසිම දිනයක ඉන්දීය කණ්ඩායම පැරදුණු තරගයක් පෙන්නන්නේ නැහැ.

ඔවුන් හැමදාම පෙන්නන්නේ ජයග්‍රහණය කරපු තරග, ඔවුන් ඉන්දියාවට පෙන්නන්න හදන්නේ මේ තමයි අපේ වීරයෝ කියලා. ඇයි අපේ සමාජ මාධ්‍ය ඊට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවක් අනුගමනය කරන්නේ, මම එය කිසිවිටෙකත් අනුමත කරන්නේ නැහැ.”

අද දෙරණ Big Focus වැඩ සටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7