Cricket NewsEXCLUSIVEInternational

විරාට් කෝලි වරද පිළිගනියි – 20%ක දඩ මුදලක් සමග ඉන්දියාවෙන් ප්‍රසාද ලකුණකුත් කපා හරියි.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දියාව විසින් පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙනි.

ICC කාල ගණනයන්ට අනුව නියමිත කාලය තුළ දී ඔවුන් එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති බව සඳහන් කරමින් ICC ය විසින් මෙම දඩ මුදල පැනවීමට කටයුතු කර සිටියා.

ICC නීති අනුව නියමිත කාලය නිමා වන විට යැවීමට අපොහොසත් වී ඇති එක් පන්දුවාරයක් සදහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවනු ලබන අතර මෙම වරද හේතුවෙන් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඉන්දියාවට හිමි ප්‍රසාද ලකුණක් කපා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

ICC තරග තීරක Andrew Pycroft විසින් දඩුවම් පැනවීම සිදු කර ඇති අතර, අදාළ වරද හා ලබා දුන් දඩුවම ඉන්දීය නායක විරාට් කෝලි විසින් පිළිගෙන තිබෙන බවද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7