Cricket NewsEXCLUSIVEIPL

Sunrisers පන්දු රකින්නන් තරඟ නරඹන්නන් බවට පත් කල Virat Kohli සහ Faf du Plessis – RCB හි PLAY-OFF ස්ථානය පිලිබඳ පැහැදිළි බලාපොරොත්තුවක් රසිකයන්ට ලබා දෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර පැවති තරඟයෙන් කඩුලු 8ක ජයග්‍රහනයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුයේ මෙවර තරඟාවලියේ PLAY-OFF වටයේ සිය ස්ථානය පිලිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් සිය රසිකයන්ට ලබා දෙමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කිරීමට සමත් වුණා.

Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Heinrich Klaasen පන්දු 51කදී ලකුණු 104ක් වාර්තා කිරීමට සමත් වුනා.

Harry Brook ලකුණු 27ක් රැස් කළ අතර Aiden Markram ලකුණු 18ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 187ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 63ක් තුල වෙගවත් ලකුණු 100ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 71ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7