Cricket NewsEXCLUSIVE

දස වසරකට පසුව ඩයලොග් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ අනුග්‍රාහක තනතුරෙන් ඉවත් වීමට තීරණය කරයි.!

වසර 10 කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක වගකීමෙන් ඉවත් වීමට ඩයලොග් ආසියාටා සමාගම තීරණය කර තිතිබෙනවා. ඒ අනුව ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2 කින් යුත් තරගාවලියෙන් පසුව ඩයලොග් සමාගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක තනතුරෙන් ඒ අනුව ඉවත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ දැනට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ අනුග්‍රාහක තනතුරෙන් ඉවත් වන බව ඩයලොග් සමාගම විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව නවසීලන්තයට එරෙහිව මාර්තු මස 25 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය සහ අප්‍රේල් 02 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව අනුග්‍රාහකයකු සොයාගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ ඒ සඳහා දැනටමත් අදාළ දැන්වීම් පළකර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් හීන වීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගම පසුගිය වසර දෙක තුනක පමණ කාලයේ සිට විමසිල්ලෙන් සිටියේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 7 වැනි ස්ථානයටත්, එක්දින කණ්ඩායම 8 වැනි ස්ථානයටත්, විස්සයි-20 කණ්ඩායම 8 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

අන්තර්ජාතික තරගාවලි පැවැත්වෙන අවස්ථාවලදී පවා ඩයලොග් සමාගම පුවත් පත් දැන්වීම් පළකිරීමට උත්සුක වූයේත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අවස්ථාවලදී පමණි.

ඩයලොග් සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම අවසන් වීමට නියමිතව ඇත්තේ මේ වසරේ සප්තැම්බර් මාසයේදීය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම හමුවේ සිය ගිවිසුම වේලාසනින් අවසන් කිරීමට තීරණය කර ඇති ඩයලොග් සමාගම පසුගිය දෙසැම්බර් 23 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ බව දැනුම් දී තිබේ. අනුග්‍රාහකත්වය ක්‍රියාත්මක වන්නේ එතැන් සිට මාස 3 කි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජංගම සන්නිවේදන සහ අන්තර්ජාල සේවා සපයන්නෙකු වන ඩයලොග් සමාගම 2013 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙසින් ඉදිරිපත් විය. පසුව කිහිප වතාවක්ම සිය අනුග්‍රාහකත්වය අලුත් කිරීමට ද ඔවුන් කටයුතු කළා.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීමත්, අන්තර්ජාල දුරකතන ඇමතුම් හේතුවෙන් සෘජු දුරකතන ඇමතුම් අඩුවීමත් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඩයලොග් සමාගමේ ප්‍රකාශකයෙක් අප වෙත සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7