Cricket NewsEXCLUSIVEInternationalRishie Bro

2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රම ගැන සටහන.

2023 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්‍රමගෙන් කිව්වොත් නිවැරදියි ✅
මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වෙනි වැඩිම ලකුණුලාභියා තමයි සදීර සමරවික්‍රම කියන්නේ…

එයා මේ අවුරුද්දේ ලකුණු 850ක් ලබා ගන්නේ ඉනිම් 22ක් පමණක් ක්‍රීඩා කරලා…
පිතිකරන සාමාන්‍යය 44.74ක් වගේ අගයක් රදවා ගනිමින්..

හොදම දේ ප්‍රහාරක වේගය 96.48ක් වගේ අගයක් තියාගෙන ක්‍රීඩා කරපු සෑම ඉනිමකම වගේ එයා පොසිටිව් ක්‍රිකට් එකක් ප්‍රදර්ශනය කරා…ශතකයක් සහ අර්ධ ශතක 6ක් මේ වසරේදී එයාගේ වාර්තා මල්ලට බැර වුනා.

දුර්වල කළමනාකාරිත්වය හමුවේ අසාර්ථක වුන සදීරගේ නම ඉදිරියේ අවුරුදු ගානක පටන් තැවරුනු ‘ ඩොමැස්ටික් කබ්බා ‘ කියන කලු පැල්ලම සම්පූර්ණයෙන්ම හෝදලා රටක්ම ආදරය කරන චරිතයක් වෙන්න පසුගිය ආසියානු කුසලානයේදි සහ ලෝක කුසලානයේදි සදීරට හැකි වෙනවා.

ටෙස්ට් පිටියෙත් අවුරුදු ගානකට පස්සේ ඇවිත් ක්‍රීඩා කරපු පලවෙනි ඉනිමෙන්ම ශතකයක් රැස් කරා. මේ වසරේ විස්සයි විස්ස කම්බැක් එකක් දෙන්න එයාට අවස්ථාව නැති වුනත් පසුගිය එල් පි එල් තරගාවලි වලදි එයා විස්සයි විස්ස පිටියටත් සුදුස්සෙක් කියලා තහවුරු කර හමාරයි.

ඉදිරි වසර වලදි සදීර සමරවික්‍රම කියන මේ අපූරු හැඩකාර පහරවල් වලින් සමන්විත පිතිකරුවා රට වෙනුවෙන් තරග රටා ත්‍රිත්වයෙන්ම දායක වේවී..!
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button