Cricket NewsEXCLUSIVEUnder-19

පිට පිටම තරග 2 කදී කඩුලු 5 ක් දවාගනිමින් අර්ධ ශතකයක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා බවට දුනිත් වෙල්ලාලගේ පත් වෙයි.!

19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

මෙම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට තරග දෙකකදී කඩුලු 5 බැගින් දවාගනිමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සමත්ව සිටිනවා.

මේ වන විට තරග 2 කදී නිලකුණු ඕවරයක්ද සමග ඕවර 19 ක් යවමින් ලකුණු 55 කට කඩුලු 10 ක් දවාගෙන සිටින වෙල්ලාලගේ එම තරග දෙකේදීම තරගයේ වීරයා ලෙසද සම්මාන ලබා ගැනීමට සමත්ව සිටින්නේ මෙවර තරඟාවලියේ එවැනි දස්කමක් දැක්වූ එකම ක්‍රීඩකයා ලෙසයි.

දෙවැනි තරගයේදී පිත්තෙන්ද දස්කම් දක්වමින් අර්ධ ශතකයක් ලබාගත් ඔහු 19 න් පහළ ජාත්‍යන්තර තරග 2 කදී කඩුලු 5 ක් දවාගනිමින් අර්ධ ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා බවටද පත් වීමට සමත් වුනා.

මින් පෙර දෙසැම්බර් මාසයේදී එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදීද ලකුණු 68 ක් රැස්කරමින් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගැනීමට වෙල්ලාලගේ සමත් වුයේ එම තරඟයේ ද ජයග්‍රහණය ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් අනතුරුව වෙල්ලාලගේ කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතාමත් හොඳ මානසික මට්ටමක සිටින බවත්, මෙතෙක් පැවැති තරග දෙකේදී මෙන්ම 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී හොඳ සටනක් දීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

“මම හිතනවා මම ඇතුළු අපේ කණ්ඩායමේ පන්දු යවන්නෝ මේ තරගයේදී හුගක් හොඳින් පන්දු යැවුවා කියලා. ඕස්ටේ්‍රලියානු පිතිකරුවන්ට වැඩි වශයෙන් නිලකුණු පන්දු යවන්නයි අපි සැලසුම් කළේ. මම හිතනවා ඒ සැලසුම හරි ගියා කියලා. ඒ නිසා තමයි අපිට එයාලව ලකුණු 175 කට නවත්ත ගන්න පුළුවන් වුණේ.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7