Cricket NewsEXCLUSIVEInternational

ජ්‍යේෂ්ඨ හා නවක ක්‍රීඩකයින් රැසකට ආදර්ශයක් වෙමින් , විරාට් කෝලි සිය සුපුරුදු රිද්මය සොයා යලිත් ඉන්දීය පළමු පෙල පිටියට රංජි කුසලානය හරහා එක්වෙයි !

Virat Kohli (@imVkohli) | Twitter

ඉන්දීය ක්‍රිකට් වංශකතාව තුල එක්තරා ස්වර්ණමය පරිච්ඡේදයක් නිර්මාණය කරමින් සිටි විරාට් කෝලි වසර 3 ක සිට ශතකයක් අපේක්ෂාවෙන් සිටියි.අග්‍රගණයේ දකුණත් පිතිකරුවා ජාත්‍යන්තර පිටිය තුල සචින්ගේ ශතක සියයට අභියෝග කල හැකි මෑත කාලීන සක්‍රීය එකම පිතිකරුවා බවට අනාවැකි පල කර තිබුණි.ඒ 2019 වසර වන විට තමන්ගේ වයස අවුරුදු 30 ක් වූ කෝලි ශතක 70 ක් තමාගේ නම ඉදිරියෙහි ලියාගැනීමට සමත් වීමත් සමඟය.

තමන්ගේ පෞද්ගලික පිතිකරණ දස්කම් අතර හිනිපෙත්තෙහිම ඔහු සිටින කාල වකවානුව තුල ඔහු තරඟ ආකෘති තුනෙහිම සාමාන්‍ය ලකුණු 50 ක් ඉක්මවා ගියේ එම දස්කම දැක්වූ එකම පිතිකරුවා වෙමිනි.ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 5 තුල තරඟ ආකෘති තුනේදීම රැඳෙන්නට ඔහුට හැකි විය.2019 වසරේදී කොදෙව්වන්නට එරෙහිව ඔහු ලබාගත් 70 වෙනි ශතකයෙන් අනතුරුව වසර 3 ක් ගතවනතුරු කෝලිගේ පිත්තෙන් ශතකයක් වාර්ථා නොවීම මුළු මහත් ජාත්‍යන්තරයේම පුවත් මවන්නක් විය.

කෙසේ නමුත් වසර ගණනාවකට පසු කෝලිගේ ටෙස්ට් සාමාන්‍ය ලකුණු 50 න් පහතට වැටුණේ වසර කිහිපයකට පසුවය.ඒ හේතුවෙන් කෝලිට පමණක් උරුම වූ එම විරල වාර්ථාව බිඳ වැටුණේ ඔහුගේ සාමාන්‍ය 49.95 ක් වීමත් සමඟය ඒ ශ්‍රී ලංකාවට එරෙහිව නිමාව දුටු දෙවන ටෙස්ට් තරඟයෙන් අනතුරුවය.

එය හේතු කොටගෙන ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු විසින් කලාතුරකින් සිදු කරන ක්‍රියාවක් සිදු කරන්නට විරාට් තීරණය කර තිබුණි.ඒ වසර ගණාවක පසුව ඉන්දීය දේශීය පිටියේ ප්‍රමුඛතම පළමු පෙල තරඟාවලිය සඳහා තමන්ගේ නම එක් කරමිනි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කරමින් කෝලි කියා සිටියේ තමන්ගේ පිතිකරණ තාක්ෂණය සහ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීම සඳහා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් පසුව යලිත් ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියට එක්වන බවය. ඒ රංජි කුසලානය හරහා බව කෝලි සඳහන් කර තිබුණි.

සිය සුපුරුදු රිද්මය සොයා යලිත් තමන්ගේ මුල්ම රංජි කුසලාන කණ්ඩාය්ම වූ දිල්ලි කණ්ඩායම බොහොක් දුරට යලිත් විරාට් නියෝජනය කිරීමට නියමිතය.ජාත්‍යන්තර මාධ්‍ය තුල වඩාත් අවධානය දිනාගත් පුවතක් වූ මෙය විශිෂ්ඨයෙකු ලෙසින් කෝලි තමන් තුල වසර ගණාවක් පුරාවට පෝෂණය කරගත් කැපකිරීම හා අධිෂ්ඨානය පෙන්නුම් කරමින් නවක ක්‍රීඩකයින් හට මනා ආදර්ශයක් ගෙන දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button