Cricket NewsEXCLUSIVEInternational

මම කැමතියි විස්සයි-20 ක්‍රීඩාවෙදිත් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල ක්‍රීඩා කරන්න – ශ්‍රි ලංකා විස්සයි20 නායක වනිදු හසරංග.

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව, ජයග්‍රාහී ටෙස්ට් තරගයේදී මෙන්ම එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තෝරාගැනීම වූයේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුය. විස්සයි-20 තරගාවලියේදීත් එවැනිම තණතීරු සමගින් ඉදිරියට යාම වනිඳු හසරංගගේත් අභිප්‍රාය වී තිබේ. එහෙත් කණ්ඩායම් සංයුතියේ වෙනසක් නැත.

පිතිකරුවන් හත් දෙනකුගෙන් දෙදෙනකු තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර කණ්ඩායමේ ඉතිරි සිව් දෙනා පන්දු යවන්නෝ වෙති.

“පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල ක්‍රීඩා කරද්දී පිතිකරුවන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා. එතකොට එයාලා හොඳින් ලකුණු ලබාගන්නවා. ඒ හින්දා මම කැමතියි විස්සයි-20 ක්‍රීඩාවෙදිත් ඒ විදිහටම යන්න”

“අනෙක මම ඕවර 4 ම පන්දු යවන නිසා අපිට තවත් පන්දු යවන්නකු ඕන වෙනවද නැද්ද කියන එක ගැන නම් තව ටිකක් හිතන්න වෙනවා. ඉස්සරහට ලෝක කුසලාන තරගාවලියකුත් එන නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනා… මොකද, මේ තරග තුනයි, බංග්ලාදේශයේදී පැවැත්වෙන තරග තුනයි ගත්තාම මීළඟ ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපට තියෙන්නේ විස්සයි-20 තරග හයයි” යයි වනිඳු හසරංග ඊයේ (16 වැනිදා) සවස දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button