Cricket NewsEXCLUSIVEIPL

Royal Challengers Bangalore විසින් එතෙක් මෙතෙක් මිලදී ගත් වටිනාම විදෙස් පන්දු වන්නා බවට වනිඳු හසරංග පත් වෙයි.!

පසුගිය දා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 67 ක ජයක් ලබාගන්නට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

බැංග්ලෝර් පිතිකරුවන් හොඳින් ලකුණු අතරට පිවිසෙද්දී බැංග්ලෝර් පන්දු යවන්නන් මෙවර තරඟාවලියේ තම පන්දු බලඇණිය අනෙකුත් වසර වලට සාපේක්ෂව වඩාත් සමබරබව පෙන්නුම් කල පන්දු යැවීමක නිරත වූ බව නොරහසකි.

හෙස්ල්වුඩ් හා වනිඳු හසරංග සමස්ත ඉනිම පුරාවට විශිෂ්ඨ අන්දමින් පන්දු යැවීමෙන් පෙරමුණ ගත්හ. මැක්ස්වෙල් හා හර්ෂල් පටෙල්ද තම ගිණුමට එක් කඩුල්ල බැගින් පෙරමුණ ගත්හ.

කලක් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ලාංකේය සන්නාමය වද්දී මෙවර වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ලාංකේය සන්නාමය වීම සැබැවින්ම ආඩම්බරයකි.

මෙවර තරඟාවලියේ මේ දක්වා තරඟ 12 කදී කඩුලු 21 ක් වනිඳුගේ නම ඉදිරියෙහි ලියාගත්තේ තරඟාවලියේ හොඳම පන්දුයැවීමද තම නම ඉදිරියෙහි සටහන් කරගනිමිනි. සමස්ත තරඟාවලියක් පුරාවට වනිඳුගේ කඩාවැටීම් මෙන්ම හොඳින් දක්ෂතා අතරට පිවිසෙන ආකාරයද පෙනෙන්නට තිබුණි.

මෙවර තරඟාවලියේ දෙවනි වැඩම කඩුලු ලාභියාවන වනිඳු හසරංග තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන යුස්වේන්ද්‍ර චාහල් ට වඩා එක් කඩුල්ලක් පමණක් පසු පසින් සිටිමින් දෙවන ස්ථානයේ රැඳී සිටී.

වනිඳු එම තරඟයේදී කඩුලු 5 ක් දවාගැනීමත් සමගින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විදෙස් පන්දු යවන්නෙකු එක් තරඟාවලියකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවට ඊයේ හිමිකම් කීවේ මිචෙල් ස්ටාක් සතු වාර්ථාව තම නම ඉදිරියෙහි ලියාගනිමිනි.

2015 වසරේදී මිචෙල් ස්ටාක් බැංග්ලෝර් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 20 ක් බිඳ හෙලුවේය.

වනිඳු මේ වසරේදී මේ වන විට කඩුලු 21 ක් බිඳ දමා තිබේ.සැබැවින්ම වනිඳු හසරංග වසර 14 ක ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුල බැංග්ලෝරය මිලදී ගත් සාර්ථකම විදෙස් පන්දු යවන්නා බව නොරසකි. කෙසේ නමුත් ඉදිරි තීරණාත්මක තරඟ කිහිපය තුලදී හසරංග බැංගලෝරය වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7