Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් ලෝක කුසලාන අවසන් සටනට

පනස් දහසකට ආසන්න නරඹන්නන් පිරිසක් ඉදිරියේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයෙ (16 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි‍යේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව එළබෙන 19 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට ‍එරෙහිව ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසෙනු ඇත.

පස්වරක් එක්දින ලෝක ශූරයන් බවටත්, දෙවරක් අනු ශූරයන් බවටත් පත්ව සිටින සිටින ඕස්ට්‍රේලියාව, එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙය විය. එමෙන්ම දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ පස්වැනි අවස්ථාවද මෙය විය. මින් පෙර 1999 සහ 2007 වසරවලදීද ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7