Cricket NewsEXCLUSIVEInternationalPremier League

අවසන් මහා තරඟය ජයගත් Lahore Qalandars කණ්ඩායම PSL ඉතිහාසයේ ප්‍රථම වරට ශුරතාවයේ කිරුළු පළඳියි.!

පාකිස්තානය විසින් පවත්වනු ලබන ප්‍රිමියර් ලීග් තරගාවලිය වන පාකිස්ථාන සුපර් ලීග් හෙවත් PSL 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේ Mohammad Rizwan නායකත්වය දරන Multan Sultans කණ්ඩායම සහ Shaheen Afridi නායකත්වය දරන Lahore Qalandars කණ්ඩායම අතර පැවැතුණා.

එහිදී තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Lahore නායක Shaheen Afridi ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Lahore පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 180ක දැවැන්ත ලකුණ පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී වේගවත් පිතිකරණය නිරත වූ මොහොමඩ් හෆීස් පන්දු 46ක් තුළ වේගවත් ලකුණු 69ක් රැස්කිරීමට සමත්වුණා.

Harry Brook පන්දු 22ක් තුළ ලකුණු 41 ක් රැස්කළා.

David Wise පන්දු 8ක් තුළ අධිවේගී ලකුණු 28 ක් රැස් කරමින් Lahore කණ්ඩායමට දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සවියක් වුණා.

පන්දු යැවීමේදි Asif Afridi කඩුලු 3ක් බිඳ හෙළුවා.

ඒ අනුව ලකුණු 181ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි මුල්තාන් කණ්ඩායමට පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

Multan කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ Khushdil Shah පන්දු 23ක් තුළ ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

Tim David ලකුණු 27යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක Shaheen afridi කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර Mohommad Hafeez සහ Zaman Khan කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව හත්වන වරටත් පැවැති Pakistan Super League තරගාවලියේ සිය ප්‍රථම ශූරතාවයට හිමිකම් කීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.

අවසන් තරගයේ වීරයා සම්මානය මොහොමඩ් හෆීස් ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්වාන් හට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button