Cricket NewsEXCLUSIVE

ආබාධ තත්වය හේතුවෙන් වනිඳු හසරංග හට සිම්බාබ්වේ තරඟාවලි⁣ය අහිමිවීමේ වැඩි ඉඩක්.!

ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට එළැඹෙන සිම්බාබ්වේ තරගාවලිය අහිමි වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා.

ඒ ඔහු පසුගිය 23 වන දා Jaffna Kings සහ Galle Gladiators අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන තරගයේදී සිදු වූ ආබාධය තවමත් සුව නොවීම නිසාවෙනි.

එහි දී ඔහුගේ පාදයේ මාංශපේශි ඉරී ගොස් ඇති බව වෛද්‍ය වාර්තා මගින් සනාත වූවා.

ඒ අනුව ඔහුට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති අතර එමනිසා ලබන ජනවාරි මස ඇරඹෙන සිම්බාබ්වේ තරගාවලිය ඔහුට බොහෝ විට අහිමි වීමේ ඉඩකඩක් මතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button