Cricket GossipCricket NewsEXCLUSIVE

දසුන් ශානක, චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ ඇතුලු ක්‍රීඩකයින්ගේ දායකත්වයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් Ventilator යන්ත්‍රයක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු උතුම් මානුෂීය සත්කාරයක් උදෙසා ඊයේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණි.දකුණු කොළඹ ශික්ෂණ රෝහලට අඩුපාඩුවක්ව පැවැති ventilator යන්ත්‍රයක් එසේ ඔවුන් එම රෝහලට පරිත්‍යාග කර තිබුණි.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක යොවුන් පිතිකරු චරිත් අසලංක,දුශ්මන්ත චමීර,භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඒ අතර විය.

එසේ ලබා දුන් ventilator යන්ත්‍රය තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම ventilator යන්ත්‍රය ඔවුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ලබා දී තිබුණි.

එම අවස්ථාවේ ජායාරුපයක් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7