Cricket NewsEXCLUSIVE

සිය සුපුරුදු දඟ පන්දුවෙන් එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ සුපිරි දස්කම් පාන ලාංකිකයා – තිලාන් වලල්ලාවිට

එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කරන තිලාන් වලල්ලාවිට හට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා දී ඇති බව බ්‍රිතාන්‍ය රජය ඉකුත් අඟහරුවාදා නිවේදනය කළේය.

1998 වසරේදී කොළඹදී උපන් වලල්ලාවිට ශ්‍රී ලාංකිකයන් 30,000 කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් 2004 වසරේ ඇති සුනාමි ව්‍යසනයෙන් වසර හයකට පසු සිය පවුල සමඟ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය.ඔවුන් සුනාමි උවදුරෙන් තමන්ගේ ජීවිතය ගලවාගත්තේ අතිශය අසීරුවෙන් බවද සඳහන්

එංගලන්තයේදී වලල්ලාවිට ලන්ඩනයට උතුරින් පිහිටි පොටර්ස් බාර් ක්‍රිකට් සමාජය හරහා මුලින්ම ප්‍රාන්ත ක්‍රිකට් සමඟින් සම්බන්ධ විය.

23 හැවිරිදි වමත් දඟපන්දු යවන්නකු වන තිලාන් හට එංගලන්ත දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කිරීමේ අවකාශය දැන් නිර්මාණය වනු ඇත.මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන තිලාන් එම ප්‍රාන්තය වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වන්නට සමත් වූ අයෙකි.

“මම මේ මොහොත එනතුරු බොහෝ කාලයක් බලා සිටි අතර අද මගේ උර මත තිබුණු විශාල බරක් වෙලා කියලා දැනෙනවා.මම වසර 10 ක් තිස්සේ මෙම ප්‍රාන්තයේ කොටසක් උනා මුල්ම දවසේ ඉඳන් දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වුණා.අවසානයේ එම දිනය පැමිණියා.යනුවෙන් ඔහු පුරවැසි බාවය හිමි වීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණි.

මිඩ්ල්සෙක්ස් හි යොවුන් කණ්ඩායමට එක්වීමෙන් පසු ඔහුගේ ගමන ඉදිරියට වඩාත් ඉදිරියට ගියේය.ඔහු 2019 වසරේදී ප්‍රමුඛතම දෙවන පෙල කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, එය 2020 වසරේදී මිසල්සෙක්ස් සමඟින් ඇතිකරගත් පළමු පූර්ණ වෘත්තීය ගිවිසුමට හේතු විය.

පසුව මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ඔහුගේ පළමු පෙල සහ හා මංගල විස්සයි විස්ස තරඟ දෙක සඳහාම ඔහු එක්විය.2021 වසරේදී දී ඔහුගේ List-A මංගල තරඟයට ඔහු ක්‍රීඩා කලේය.

“තිලාන් හට දැන් දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයක සිටීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව මෙම ක්‍රීඩා සමාජය සමඟ ඉදිරියට ගෙන යාමට හැකි වෙනවා.විශාල දක්ෂතා ඇති වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස, තිලාන් නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්ලභ ලැබීමක් වන අතර අපි ඔහු පිළිබඳව විශාල බලාපොරොත්තු තබා තිබෙනවා” තිලාන් පිළිබඳව අදහස් දක්වමින් මිඩ්ල්සෙක්ස් හි ක්‍රිකට් ප්‍රධානී ඇලන් කෝල්මන් පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7