Cricket NewsEXCLUSIVE

Gujarat Titans පරාජය කරමින් වනිඳු හසරංගගේ Royal Challengers Bangalore කණ්ඩායම, තීරණාත්මක තරඟය කඩුලු 8කින් ජය ගනී.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 67වන තරගය ලෙස වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු රඳවා ගැනීමට Royal Challengers Bangalore අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායක Hardik Pandya ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුනා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Hardik Pandya පන්දු 47කදී ලකුණු 62ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වුනා.

David Miller ලකුණු 34ක් රැස් කළ අතර Wriddhiman Saha ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Josh Hazlewood කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 54ක් තුල වෙගවත් ලකුණු 73ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා. Faf du Plessis ලකුණු 44ක් රැස් කළා. Glenn Maxwellවේගවත් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rashid Khan කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button