Cricket NewsEXCLUSIVEIPL

සිය සුපුරුදු රිද්මය නැවතත් සොයා ගත් විරාට් කෝලි Gujarat Titansට එරෙහිව තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 67වන තරගය ලෙස වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු රඳවා ගැනීමට Royal Challengers Bangalore අද සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායක Hardik Pandya ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 54ක් තුල වෙගවත් ලකුණු 73ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා.

එමෙන්ම මෙය සටහන් වුයේ මෙවර තරඟාවලියේ විරාට් කෝලි රැස් කල දෙවන අර්ධ ශතකය ලෙසටයි. එහි විශේෂත්වය වන්නේ මිට පෙර රැස් කරන ලද එම අර්ධ ශතකය ද Gujarat Titans කණ්ඩායමට එරෙහිවම ඔහු රැස් කිරීමයි.

විරාට් කෝලි දියත් කල එම සුපිරි පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7