Cricket NewsEXCLUSIVEIPLMatch Review

Kolkataට එරෙහිව ලකුණු 2කක තියුණු ජයක් වාර්තා කරමින් Lucknow කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර තරගාවලියේ 84වන තරගය ලෙස දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants සහ Kolkata Knight Riders කණ්ඩායමත් අතර පැවැත්වුන තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 211ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 208ක් පමණයි

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer පන්දු 29ක් තුල වෙගවත් ලකුණු 50ක් රැස් කල අතර Nitish Rana ලකුණු 42ක් රැස් කළා. අවසන් මොහොතේ පවා Kolkata Knight Riders ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි වෙහෙසක් ගත් Rinku Singh පන්දු 15ක් තුල ලකුණු 4ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohsin Khan සහ Marcus Stoinis කඩුලු 3බැගින් බිඳ හෙලුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7