Cricket NewsEXCLUSIVEInternational

කුසල් ජනිත් හා වනිඳු හසරංග සිම්බාබ්වේ තරඟාවලිය සඳහා සහභාගී වෙනවාද යන්න පිළිබඳ අවසන් තීරණය අද ?

Just can't get over the fact' - Russel Arnold disappointed after Wanindu Hasaranga went unsold in the IPL 2021 auction

නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුර ආභාධයට ලක්ව මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හට එළඹෙන තරඟාවලියට සහභාගී වීමට ඇති හැකියාව පිළිබඳව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

කෙසේ නමුත් ලබන 16 වැනිදා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරඟාවලිය ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ සඳහා කුසල් ජනිත්ගේ හා වනිඳු හසරංගගේ සහභාගීත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතික චිකිත්සක වරයාගේ වාර්තාව අනුව තීරණය කිරීමට නියමිතව ඇති බව සඳහන් ය.

ඒ පිලිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ අද (05) හෝ හෙට(06) දිනයේදී ඒ පිළිබඳව අවසන් තීරණය මාධ්‍ය වෙත නිකුත් කිරීමට තමන් අපේක්ෂා කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7