Cricket NewsEXCLUSIVELPLPremier League

වනිදු කෝටි 1.5ක් අහිමි කරගනිමින් අයිපීඑල් පිටියෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වේ. ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 39කට) සන්රයිසස් හයිද්‍රාබාද් පිල වනිඳුව මිල දී ගත්තද, බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේදී ඇති වූ ආබාධය හේතුවෙන් අයිපීඑල් තරගාවලියට සහභාගි නොවන බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම්දී තිබේ.

අමෙරිකාවේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට පෙර මේ ආබාධය සුව කරගත යුතු හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භෞත චිකිත්සක නිර්දේශ අනුව ඩුබායි වෙත ගොස් විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට නියමිතව ඇත. ආබාධය සුව වීමට යම් කලක් ගත වන හෙයින් ඔහු දැනට පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
4
+1
18
+1
4
+1
19
+1
10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button