EXCLUSIVETrending Article

“ක්‍රිකට් ක්‍රිඩාව වෙලාගන තිබු අඳුරු සෙවනැලි යටපත් කරමින් ගිණි දැල් මතින් සිංහ සෙයියාවෙන් නැගීසිටින රණ ශුරයන්.!

ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනස් වී ඇත.මෙය අප සෙවූ වෙනස ය.

කාලයක් කන්ඩායමේ ක්‍රීඩා කල යුතු එකොලොස්දෙනා කවුරුන්දැයි ‍යන ප්‍රශ්නය අපට තිබුනේ දක්ෂතා අතර ක්‍රීඩකයින් නොමැති වීම නිසාවෙනි.
නමුත් අද එකී ක්‍රිකට් වෙනස් වී ඇත.

අප සෙවූ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව දැන් දැන් අපිට ලැබෙමින් ඇත.

එකී උද්‍යෝගිමත් ක්‍රිකට් ක්‍රීඩාවේ සුන්දරම තරගාවලියක් ලෙස මෙම කොදෙව් තරගාවලිය කිව හැක.

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කල වර්තමානයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම යමින් සිටිනා ලහිරු තිරිමාන්න සිය පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙකී තරගාවලිය සදහා සහභාගි වූයේ නැත.

එනිසා හිස්ව යන ආරම්භක පිතිකරන පුරප්පාඩුව සදහා අයෙකුට අයැදුම්පත් කැදවන්නට විය.

එකී පරීක්ෂණය සදහා සහභාගි වූ පැතුම් නිස්සංක මේ වනවිට එකී පරීක්ෂණය සමත් වෙමින් ඇත.

ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස සිය කාර්‍ය කිරීමට සූදානම් බව බලධාරීන්ට ඉඟි පල කර හමාර ය.

නිස්සංක යනු වර්තමානයේ ශ්‍රි ලංකා ක්‍රිකට් අනාගතය උදෙසා කැටයම් කරනා අපූරු පිළිරුවක් කිවහොත් වරදක් නැ…

ඔහු දිනෙන් දින සිය වටිනාකම සියල්ලන්ටම ඒත්තු ගන්වමින් මේ කටුක ක්‍රිකට් මාවතේ ලොකු ගමනක් යන්නට ආ තරුණයෙක් ය.
ඉතිං එකී හැකියාවට මෙන්ම එකී අනාගතය උදෙසා ඔහුට සිය දක්ෂතා හොදින් පෙන්වන්නට එකී ඉඩකඩ ලබා දීම එකඟ ය.

එසේම නොම්බර තුන පිතිකරුවෙක් ලෙස ඕෂධ ප්‍රනාන්දු මෙම තරගයේ අසාර්ථක වුවද ඔහු ” ෆේල් ” යනුවෙන් හංවඩු ගැසීමට කිසි සේත් නොහැක. මන්ද ඔහු මෑත කාලයේ ලැබූ අවස්ථා වලින් නොම්බර තුන පිතිකරුවෙක් ලෙස සිය වගකීම ඉටු කරන්නට වෙර දුන් ඇත්තෙකි. ඔහුට තවත් අවස්ථා නිසැකවම හිමි විය යුතු ය.

සාධාරණය නම් එය ය. නමුත් සියුම් කොස්සක් ඇත. ඒ මේ කන්ඩායමේ නැති ලහිරු තිරිමාන්න ද ඉදිරියේදී කන්ඩායමට පැමිණෙනු ඇත. ඔහු ආ පසු ඔහුට නිසැකවම කන්ඩායමේ ස්ථානයක් ලැබිය යුතු ය. මන්ද මේ ඔහුගේ හොදම අවධිය යැයි කීවාට වරදක් නැත.

එසේ නම් විටෙක ඕෂධ ප්‍රනාන්දු හට කන්ඩායමේ ස්ථානය අහිමි වෙනු ඇත. ලහිරු තිරිමාන්න නොම්බර තුන පිතිකරුවෙක් ලෙස යොදා ගැනීම යෝග්‍ය යැයි සිතුණි. කෙසේ නමුත් ඕෂධ ප්‍රනාන්දු සංචිතයේ සිටිය යුතු අනිවාර්‍යය ක්‍රීඩකයින්ගෙන් කෙනෙකි.

නොම්බර හතර ඇන්ජි සිය එන්ජිම නැවතත් පණ ගන්වා ඇත.

දනංජයලාද ටෙස්ට් පිටියේ හාල් මැස්සන් නොව තෝරු මෝරු තල්මසුන් ය.

චන්දි පිතිකරුවෙක් ලෙස මදි ය. නියම චන්දි තුල ඇති හැකියාව වර්තමානයේ තාමත් අප දැක නැත. නමුත් ඔහු ශ්‍රි ලාංකීය ටෙස්ට් පිටිය තුල රට වෙනුවෙන් ජයග්‍රහණයන් ගෙන දුන් අතිදක්ෂයෙක් ‍ය. ඔහුට අවස්ථාව හිමි විය යුතුම ය.

එසේම කන්ඩායමේ ස්ථානය හිමි නොවූ චරිත් අසලංක ද කන්ඩායමේ ඕනි වෙලාවක ක්‍රීඩා කරන්නට බලා සිටිනා ඇත්තෙකි. අවශ්‍ය ඕනෑම වෙලාවක ඔහුගේ සේවය කන්ඩායම වෙනුවෙන් ලබාගත හැක. මන්ද ඔහු මේ වනවිට ලකුණු විලේ පිහිනමින් සිටිනා ඇත්තෙකි.

කමිල් මිශාර ද එසේ ය. රොශේන් සිල්වා වැනි විශේෂඥ්‍යයින්ද සංචිතයේ ඇත.

එසේම වර්තමානයේ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු අතර සීතල යුද්ධයක් හටගෙන ඇත.

ඒ ප්‍රවීන් සහ ඇඹුල්දෙනිය අතර ය.

රමේෂ් පිට දඟ පන්දු යවන්නෙක් ලෙස දියුණු වී ඇති අයුරු දුටු විට එක් අතකින් මහ පුදුමාකාර සතුටකුත් එක් අතකින් පුදුමාකාර දුකකුත් සිතට නැගුණි.
දුක අන් කවරක් නොව රමේෂ් යනු මෙසේ විය යුත්තෙක් නොවෙන නිසාවෙනි. මන්ද ‍රමේෂ් මෙන්ඩිස් නම් තරුණයා පිරිපුන් තුන් ඉරියව් සම්පතකි.

ඔහු පන්දු යවන්නෙක් ලෙස ලබා ඇති දියුණුව දැක සතුටු වී සිටීමට නොහැක්කේ ඔහු ශ්‍රි ලාංකීය පලමුපෙල පිටියේ ත්‍රිත්ව ශතකයක් පවා ලබා ඇති අදටත් ඉතා හොද පිතිකරන සාමාන්‍යයක් ඇති තරුණ පිතිකරුවෙකු නිසාවෙනි.

ඒ හෙයින් ඔහු ඔහුගේ දක්ෂතා ගැන අඩුතක්සේරු නොකර සිය දක්ෂතා වැඩි දියුණු කර ගන්නේ නම් එය කන්ඩායමට බෝනස් ලකුණකි.
ඉතිං කාලයක් නොතිබූ ශ්‍රි ලාංකීය ක්‍රිකට් පිටියේ සුන්දර තරගකාරීත්වයක් නැවත ආරම්භ වී ඇත.

මේ ඉතා සුන්දර සිතල යුද්ධය තනි වචනයෙන් කිවහොත් ” පට්ට ” ය.

මන්ද ශ්‍රි ලාංකීය ක්‍රිකට් වර්තමානයේ ලෝක ක්‍රිකට් පිටියේ මහ එවුන් සමග කරට කර සටන් කිරීමට නම් අවශ්‍ය වන්නේ මෙය ය.

මෙකී සිතල යුද්ධයන් මගින් දක්ෂයින්ගෙන් අතිදක්ෂයින් ලක් අම්මාට මුණ ගැසෙන බව කවුරුත් දන්නා ” සුන්දර ‍රහසක් ” ය.

Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි. Rishie Broගේ Facebook පිටුවට පිවිසීම සඳහා Click කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7