Cricket NewsEXCLUSIVE

“භානුක රාජපක්ෂ කියන්නෙ, ක්‍රිස් ගේල් පන්නයේ පිතිකරුවෙක්, ඔහු වැඩිපුර ආස බෝලේ අහසෙ පා කරන්න” – ප්‍රවීණ විස්තර විචාරක ඩැනී මොරිසන්

ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවරට විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත්කරමින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ද ‍ශ්‍රි ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ සටන්කාමී පිතිහරඹයක නියැලෙමින් වේගෙන් ලකුණු රැස් කරන ආකාරය බොහෝ විස්තර විචාරකයින් ගේ අවධානයට ලක්ව තිබුණා.

මේ අතර මේ වන විට අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය වන අබුඩාබි T10 තරඟාවලියේ ද දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට භානුක රාජපක්ෂ මේ වන විට සමත්ව තිබෙනවා.

T10 තරගාවලියේ දී භානුක රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන The Chennai Braves කණ්ඩායමයි.

මේ අතර මෙවර T10 තරගාවලියේදී Team Abu Dhabi කණ්ඩායම සමග Chennai braves අතර පැවති තරඟයේදී භානුක රාජපක්ෂ පන්දු 29 තුළ වේගවත් ලකුණු 54ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සමඟ හතරේ පහරවල් 3ක් ඇතුළත් වුණා.

මේ අතර භානුකගේ එම සටන්කාමි ඉණිම පිළිබඳව තරඟය අතරතුර විස්තර විචාරයේ යෙදුනු ප්‍රවීණ විස්තර විචාරක ඩැනී මොරිසන් මහතා භානුක රාජපක්ෂ පිළිබඳව පවසා සිටියේ ඔහු ක්‍රිස්ගේල් සහ සනත් ජයසූරිය පන්නයේ ක්‍රීඩකයකු බවයි.

ඩැනී මොරිසන් මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියා

“මා භානුක රාජපක්ශව දකින්නේ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය වගේ. මොකද ඔවුන් වැඩිපුර ආස බෝලය අහසේ පා කරන්න. එය පන්දු යවන්නන්ට ලොකූ පීඩනයක්.මෙවර ටීටෙන් ලීගයේදී ඔහුගේ පිත්තෙන් ලොකු වෙනසක් කරාවී.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button